(මහේෂ් කිර්තිරත්න)
ශ්‍රී ලංකාවට ආවේණික නොවන නමුත් මෙරට කඳුකරයේ සාර්ථකව කළ හැකි පැරා ග්ලයිඩින් සංදර්ශනයක් අද (13) මාතලේ කිරිමැටිය ප්‍රදේශයේ සහ මහනුවර කැලෑ බොක්ක ප්‍රදේශයේදී පැවැත්විණි.
මෙහිදී සිදුවන්නේ උස් කඳු මුදුණක සිට පැරෂූටයක් ආධාරයෙන් ගුවනට පැණීමෙන් ගැවනේ සැරිසැරීමයි.
ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, මධ්‍යම පළාත් වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, මාතලේ දිස්ත්‍රික් සිවිල් සමාජ සම්මේලනය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම සංදර්ශනය සංවිධානය කර තිබිණි.
“ලංකාපුර ගගන පිනුම් උළෙල 2020” ලෙස නම් කර තිබූ මෙම සංදර්ශනයට විදේශීය සහ දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වුහ.
පාරිසරික සංචාරක අංගයක් ලෙස ගගන පිනුම් ප්‍රවර්ධනය කරමින් සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් මෙම සංදර්ශනය සංවිධානය කර තිබුණි.
මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.ඒම්.ජී.කේ පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ වැඩ සටහන් රැසක් මේ වනවිට සැලසුම් කර ඇති බව මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා එම පැවසීය.









COMMENTS
ඉතා සුන්දර පරිසරය සල්ලිවල කෑදරකමට විකුණන්න එපා...!! ඔය පටන්ගන්නම ඉවර වෙන්නේ ඇල්ල වගේ...
රටේ සංදර්ශන තියන වේලාවක්ද මේක..?