
(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනෙහි ආසියා පැසිපික් කලාපයේ සාමාජික රටවල පරිසර අමාත්‍යවරුන්ගේ ගේ 04 වන සැසිවාරයේ උප සභාපති ධුරය සඳහා පරිසර අමාතය මහින්ද අමරවීර මහතා අද දින පත් කර ඇත.
කොරියා ජනරජයේ සුවොන් සිටි හි පැවැති පරිසර අමාත්‍යවරුන්ගේ සැසිවාරයේ දී මෙම පත්කිරීම සිදුව ඇත.
ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර අමාත්‍යවරුන් හා පරිසර බලධාරිහු මෙම සමුළුව නියෝජනය කළහ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැන් කී මූන් මහතා හමුවී සාකච්ඡාවකද නිරත විය.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද මේ සඳහා එක්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත් දෙවියනේ කාටද ආඩම්බර .ලංකාවේ බනින ඇමතිලාට පිටරට තනතුරු ,පදක්කම් .ඉතින් කොහොමද 100% ලංකාවේ වැඩ ගැන බලන්නේ