(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ඉදිරි මැතිවරණයේදී පෝස්ටර් , බැනර් සහ කටවුට් ප‍්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණයට (Visual Pollution) අදාළ රෙගුලාසි වලට අනුව ක‍්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (17) රිට් පෙත්සමක් ගොනු කෙරිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය,හිටපු පොලිස්පතිවරයෙකු වන ජයන්ත වික‍්‍රමරත්න සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
2009 වසරේදී මාසයේදී පෙත්සම්කාර සංවිධානය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කොට , එම පෙත්සමෙන් ඉල්ලා සිටියේ රජයේ පළාත් පාලන ආයතන සඳහා බැනර් ,කටවුට් සහ පෝස්ටර් ප‍්‍රදර්ශනය කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් සහ නිර්ණායකයක් සකස් කර නිර්දේශ කරන රිට් ආඥාවක් නිකුක් කරන ලෙයසි.
මෙම පෙත්සම විභාග වන අතරමැද එනම් 2014 නොවැම්බර් 27 වැනිදා මෙම සැලැස්ම සකස් කර අවසන් බව මධ්‍යම පරිසර අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නේය.ඒ අනුව පෙත්සම් විභාගය අවසන් විණි.
නමුත් අවිධිමත් ලෙස පෝස්ටර් , බැනර් සහ කටවුට් ප‍්‍රදර්ශණය මඟින් සිදුවන දෘශ්‍ය දූෂණය වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් පියවර ගෙන නොමැත.
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් මෙම රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.එසේ නොවුණහොත් ප‍්‍රධාන නගර මෙම පෝස්ටර් , බැනර් සහ කටවුට් වලන් වැසී පරිසරය දූෂණය වීමත් ඒ හේතුවෙන් ඒවා ඉවත් කිරීමට ප‍්‍රාදේශීය සභා සහ නගර සභාවන්ට මහජන මුදල් වැය කිරීමට සිදුවේ.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද දෘශ්‍ය දූෂණය සම්බන්ධයෙන් රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
2025 නොවැම්බර් මස 04
207
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්