
( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ලබන නොවැම්බර් මාසයේ සිට නැවත ආරම්භ කිරීම ගැන විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙරට සිටන ප්‍රංශ තානාපතිවරයා වෙත ස්තූතීය පළ කළේය.
දෙරට අතර වැඩි සම්බන්ධකතාවයක් ඇති කිරීමට සහ ව්‍යාපාර හා සංචාරක සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම මෙම සෘජු ගුවන් ගමන් ඇරඹිම හරහා සිදුවනු ඇතැයි ද විදේශ අමාත්‍යවරයා ප්‍රංශ තානාපතිවරයා හමුවේ කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව පැවසූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මෙම හමුවේ දී, විදේශ අමාත්‍යවරයා සහ ප්‍රංශ තානාපතිවරයා දෙරට අතර පවත්නා බහුවිධ සහයෝගීතාව සහ මිත්‍රත්වය දෙපාර්ශ්වයම පිළිගත් අතර, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළහ.
මෙම සාකච්ඡාවේ දී, ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා; අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව; ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජනය සහ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම; අධ්‍යාපනය මෙන්ම, කලාපීය හා බහුපාර්ශ්වික සංසදවල අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ගැටළු කෙරෙහි අවධානය යොමු කෙරිණි.

2025 දෙසැම්බර් මස 18
21
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රංශ තානාපති විදේශ ඇමති හමුවෙයි