තුර්කියට ආයුධ අපනයනය කිරීම අත්හිටුවීමට ප්‍රංශය සහ ජර්මනිය පියවර ගෙන ඇත. තුර්කිය සිරියාවේ කුර්දිවරුන්ට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ප්‍රංශය සහ ජර්මනිය එම පියවර ගෙන තිබේ.
තුර්කියට යුධෝපකරණ අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවන බව ප්‍රංශයේ විදෙස් සහ ආරක්ෂක අමාත්‍යාංශ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සෙනසුරාදා සඳහන් කළේය. ඉන් පැය කිහිපයකට පසු නිවේදනයක් නිකුත් කරමින් තුර්කියට කරන ආයුධ අපනයන සියල්ලම අත්හිටුවන බව ජර්මනිය ප්‍රකාශ කළේය. ජර්මනිය යනු තුර්කියේ ප්‍රධාන ආයුධ සැපයුම්කරුවෙකි.
කුර්දි පාලනයේ තිබෙන සිරියානු ප්‍රදේශවලින් සිය හමුදා ඉවත් කරගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මේ සතිය මුලදී පැවැසීය. ඔහු එසේ පැවැසීමත් සමඟ තම රටේ ආරක්ෂාව වෙනුවෙන් සිරියානු-තුර්කි දේශසීමාවේ යුද මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව තුර්කි ජනාධිපති තායිප් රිසෙප් එර්දොවාන් මහතා පැවැසීය.
සිරියානු-තුර්කි දේශසීමාවේ පාලනය තිබෙන්නේ කුර්දිවරුන් ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හමුදා සතුවය. තුර්කිය කුර්දි සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස සලකයි.
තුර්කිය පසුගිය බදාදා සිට සිරියානු-තුර්කි දේශසීමාවේ කුර්දි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරයි. “මෙහෙයුම්වලදී ඉලක්ක කරන ලද්දේ ත්‍රස්තවාදීන්. ඔවුන් සැඟවී සිටින ස්ථානවලට, වාහනවලට, ආයුධවලට, ආයුධ ගබඩා කර ස්ථානවලට ප්‍රහාර එල්ල කළා” යැයි ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ලිපියක් යවමින් තුර්කිය සඳහන් කළේය.
මේ වනවිට තුර්කියට ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධයක් සහ විවේචනයක් එල්ල වී තිබෙන අතර සම්බාධක පනවන බවට ද අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තුර්කියට අනතුරු අඟවා ඇත.
(ඒ.එෆ්.පී/රොයිටර්ස්)
055


2025 දෙසැම්බර් මස 04
300
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
417
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රංශය - ජර්මනිය තුර්කියට ආයුධ යැවීම නවතයි
kule Sunday, 13 October 2019 09:44 AM
දැන් පෙනෙනවා නේද ලෝකේ දරුණුම ආයුද ලෝකෙටම බෙදාහරින්නේ කවුද කියලා