
ප්‍රංශයෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 464,769 වාර්තා වී ඇතැයි එරට නිල වාර්තා උපුටා දක්වමින් ප්‍රංශය වාර්තා පවසයි .
2019 නොවැම්බර් මස ලෝකයේ කෝවිඩ් වසංගතය ආරම්භයත් සමග දිනකට ප්‍රංශයේ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය වන අතර කලින් දිනකට වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වූ 368,149 අභිබවා ගොස් ඇති බව ප්‍රංශ රජය පවසයි . මෙය යුරෝපා මහද්වීපයේ දිනකට වාර්තා වූ වැඩිම කෝවිඩ් රෝගීන් සංඛ්‍යාවද වේ
දකුණු අප්‍රිකාවෙන් ප්‍රථම වරට අනාවරණය වූ ඔමික්‍රෝන් ප්‍රභේදය දරුණු ප්‍රභේදයක් නොවන බවට ලෝකයා සැලකීම විශාල වරදක් බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ප්‍රධානියා අනතුරු ඇඟවීය.
පසුගිය සතියේ යුරෝපයෙන් කෝවිඩ් ආසාදිතයන ලක්ෂ 50 ක් වාර්තා වී ඇති අතර ලබන මාර්තු මාසය වනවිට යුරෝපා ජන ගහනයෙන් හරි අඩක් ඔමික්‍රෝන් ප්‍රභේදයට ගොදුරු වේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කර ඇත .
කෝවිඩ්-19 වසංගතයේ අවසානය පෙනෙන තෙක් මානයේ නොමැති බැවින් කෝවිඩ් රෝගය පිළිබඳ සැහැල්ලුවෙන් නොසිතන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත .
(ද ගාඩියන් පුවත් සේවය ඇසුරින් විමුක්ති එස් රුද්‍රිගූ)
COMMENTS
අපේ රටේ ජනතාවට යන්න කියන්න ඕනේ ප්‍රංශයටම.. ලෝකයේ ඉන්න හැටි බලාගන්න. එහෙම නැතිනම් ඇමෙරිකාවට. ඇමෙරිකාවේ දිනකට 2500ක් පමණ මැරෙනවා. ලක්ෂ 9කට පමණ කොරෝනා වැළඳෙනවා. ආණ්ඩුවට (මොන පක්ෂයක වුණත්) බනින්නයි, රට වටේ විනෝද චාරිකා යන්නයි විතරයි ජනතාව දන්නේ. ආණ්ඩුව මොරදෙනවා බූස්ටරය ගහගන්න කියලා..
දවසට සිය දහස් ගණන් මැරුණත් ඔවුන් හැසිරෙන්නේ වසංගතයක් නැති ගානට .හේතුව කිසිඳු මරණයක් මාධ්‍යයේ නොපෙන්වීම නිසා