








ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100 ක් පමණ හමුවී තිබේ.
පුරාවිද්‍යාඥයින් පවසන්නේ මේවා වසර 2500ක් පමණ පැරණි බවයි.
ඉතා හොඳින් මුද්‍රා තබා තිබූ පෙට්ටි වල සංකීර්ණ තීන්ත මෝස්තර හොඳින් ආරක්ෂා වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති. රන් ආලේපිත මුහුණු ආවරණ හා රන් ආභරණ ද සමග සිරුරු මිහිදන් කර තිබූ බව ද ඔවුහු පවසති. සිරුරේ හැඩයටම සකස් කරන ලද දැවමය පෙට්ටිවල සිරුරු සුරක්ෂිත කර තිබේ.
එම සිරුරු උසස් පුද්ගලයන්ට අයත් ඒවා වියහැකි බව ඒවා සංරක්ෂණය කර තිබෙන ආකාරයෙන් පෙනී යන බව ද පුරාවිද්‍යාඥයෝ පවසති.
"මෙම සොයාගැනීම විශේෂිතයි, සිරුරු බහා තිබූ පෙට්ටිවල ගුණාත්මකභාවය හා ප්‍රමාණය අනුව ඒවා උසස් පුද්ගලයන්ට අයත් බව පෙනී යනවා." යනුවෙන් ඊජිප්තුවේ පුරාවස්තු කවුන්සිලයේ මහලේකම් මොස්ටාෆා වසිරි පැවසීය.
පුරාවිද්‍යාඥයින් විසින් එක් පෙට්ටියක් විවෘත කර සිරුර ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකර තිබේ. එමගින් සිරුර සංරක්ෂණය කළ ආකාරය සම්බන්දව තොරතුරු සොයාගැනීමට හැකිවූ බව ඔවුහු පවසති.
එම සිරුර අඩි 5.4 - 5.7 අතර පිරිමි පුද්ගලයෙකුට අයත් බවත් ඔහුගේ ජීවිත කාලය හොඳ සෞඛ්‍යයෙන් ගතකර ඇති බවත් අවුරුදු 40 - 45ත් අතර වයසේදී මියයන්නට ඇති බවත් විද්‍යාඥයෝ අනුමාන කරති.
සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය පවසන්නේ මෙම පෞරාණික සිරුරු ඊජිප්තුව පුරා පිහිටි කෞතුකාගාර වලට යැවීමට සැලසුම් කර ඇති බවයි.
ඊජිප්තුවේ පළමු රාජ වංශය දක්වා දිවෙන මෙම විශාල සුසාන භූමියේ පැරණිතම පිරමීඩය ද පිහිටා තිබේ.
සීඑන්එන් ඇසුරිණි
085
(ඡායාරූප - රොයිටර්)
2025 නොවැම්බර් මස 17
110
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
952
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2554
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පාරාවෝ සුසාන භූමියකින් වසර 2500 ක් පැරණි සිරුරු 100 ක්
chandima Sunday, 22 November 2020 10:30 PM
ඒ කාලේ කොරෝනා නැතිනම් වෙනත් එවැනි භයානක වෛරසයකින් මියගිය පිරිසකගේ මළසිරුරු වෙන්න බැරිද?
kamal Monday, 23 November 2020 04:59 AM
අපිට හම්බ වුණා නම් ඉක්මනට ඇමෙරිකාවට යවාවි..
AmareTuesday, 24 November 2020 06:30 AM
නැහැ අපිටත් ඔහොම සුගලා දේවියගේ මමිය ලැබුණු බවත්, පොලොන්නරුවේ කට්ටියක් ඒකට වැඩේ දුන්නු බවත් රටම දන්නවා නේද? අපරාදෙ මේ වගේ ලොවටම පෙන්වන්න තිබ්බ අවස්ථාවක් නැතිකළා. අපේ ඉතිහාසය සම්බන්ධ වැදගත්ම සොයාගැනීමක් නැතිවුණා මේ පාහරයෝ නිසා...
Nihal Wednesday, 25 November 2020 03:17 PM
මෙහෙ නම් වසර 2500ක් පැරණි එක වසර 2000කට කළින් හාරලා