
( අමදෝරු අමරජිව)
තඹලගමුව පොලිස් වසමට අයත් මොල්ලිපොතාන “ පරවි පඤ්ඤාන් වැවේ“ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අද (18) පෙරවරුවේ දියේ ගිලි මියගිය බව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ තඹලගමුව මොල්ලිපොතාන, රිච්චන් නගර් පදිංචි බුහාරි නගර් මුස්ලිම් මහා විද්‍යාලයේ 8වසරේ ඉගෙනුම ලබන මොහොම්මදු සුවහිල් තහාදීන් අස්ලාම් (13) හා තඹලගමුව මොල්ලිපොතාන 95 ප්‍රදේශයේ පදිංචි මොල්ලිපොතාන අල්-හිජ්රා විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන අලිප්දින් මොහොමදු අස්හාන් (13) නැමති අයයි.
දියේ ගිලුණු මෙම දෙදෙනා එම අවස්ථාවේදිම වැවේ සිටි පිරිසක් විසින් බේරාගත් අතර ඒ අවස්ථාවේ එක් අයෙකු මියගොස් තිබුණි.
අනෙක් සිසුවා කන්තලේ රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් තිබිනැයි පොලිසිය කියයි.
තඹලගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.