IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුරවැසි සංවිධාන යෝජනාවලියට අත්සන් තැබේ

(මුදිතා දයානන්ද)

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන ලද පුරවැසි සංවිධාන යෝජනාවලියට අත්සන් තැබීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (12) පැවැත්විණි.

සුපිරිසිදු දේශපාලඥයින් සඳහා අපේක්ෂකයින් සතුවිය යුතු ගුණාංග ලෙස කරුණු අටක් ඇතුළත් කර මෙම යෝජනාවලියකට මෙහිදී දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් අත්සන් තැබූහ.

හිටපු කතානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, සමගි ජනබලවේගය වෙනුවෙන් හිටපු ආචාර්ය හර්ෂද සිල්වා, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් , ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී, පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. තිලකරාජා, එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය මහත්වරුද මෙම ලියවිල්ලට අත්සන් තබනු ලැබූහ.

2015 දි සකස් කරන ලද යෝජනාවලියට නව යෝජනා තුනක් ඇතුළත් කරමින් යෝජනා අටක් සහිතව මෙම ලියවිල්ල සකස් කර තිබිණ.

අපේක්ෂකයින්ට නාම යෝජනා ලබාදීමේදී දේශපාලන පක්ෂ සැලකිය යුතු පොදු නිර්ණායක ලෙස එම ලියවිල්ලේ ඇතුළත් කරුණු අට ලෙස සමස්ත ජනප්‍රජාවට සංවේදී දේශීය චින්තනයකින් යුත් ජාත්‍යන්තර දේශපාලනය ගැන අවබෝධයක් ඇති නීති හා ප්‍රතිපත්ති සම්පාදනයට හා මූල්‍ය කළමණාකරණයට හැකියාව ඇති ප‍්‍රායෝගික පුද්ගලයෙකු වීම, අපරාධ වරදක් සඳහා සිරදඬුවමට ලක්වු හෝ අත්හිටපු සිරදඬුවම් වලට ලක්වුවෙකු නොවීම, අල්ලස් හෝ දූෂන පිළිබඳ නීතියෙන් හෝ සමාජමය වශයෙන් චෝදනා නොලැබූ සමාජය පිළිගත්තෙකු වීම, මද්‍යසාර, මත්ද්‍රව්‍ය, සූදු. කැසිනෝ, ගණිකා මඩම්, ඇතුලූ රටේ යහපැවැත්ම හානිකර ව්‍යාපාර පවත්වාගෙන යන හෝ අතීතයේ එසේ නොකළ අයෙකු වීම, ජීව ආධාරක ව්‍යූහයට හානිකරන පාරිසරික වශයෙන් හානිදායක වන ව්‍යාපාරවල යෙදුන හෝ යෙදෙන්නෙකු නොවීම, මහජන නියෝජිතයෙකු වන්නට පෙර රටට අගතිගාමී මූල්‍යමය ගිවිසුම් ඇති කරගත් සහ මහජන නියෝජිතයෙකු වී සිටිමින් තම දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කරගෙන රජය සමග මූල්‍යමය ගිවිසුම් ඇති කරගත් හෝ ගිවිසුමක පාර්ශ්වකරුවෙකු නොවීම යන කරුණු ඇතුලත් වූ අතර  නාම යෝජනා පත‍්‍රයේ කාන්තා හා තරුණ නියෝජනයට වැඩි ඉඩක් ලබාදීම හා ආගමික නායකයින්ට නාම යෝජනා ලබානොදිම සම්බන්ධයෙන් සැළකිල්ලක් දැක්විය යුතු බවටද එම යෝජනාවලියේ සඳහන් වේ.

එහිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන පෙරමුණේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී, එක්සත් සමාජවාදි පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සිරිතුංග ජයසුරිය, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තාරක බාලසුරිය, යන මහත්වරුද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග‍්‍රී ධර්ම මහතා සංඝ සභාවේ මහනාහිමියෝ ඇතුලූ මහාසංඝරත්නයත්, ඩෙල්වරාජ් කනකසබේ පියතුමා, මැක්ස්වල් සිල්වා අගරදගුරුතුමා, ඇතුලූ ආගමික නායකයින් පිරිසක්ද, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් සමන් ශ‍්‍රී රත්නායක, මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් එච් හූල්, නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුලූ ආරාධියන් රැසක්ද එක්ව සිටියහ.

 



අදහස් (0)

පුරවැසි සංවිධාන යෝජනාවලියට අත්සන් තැබේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site