(පැතුම් දර්ශන සහ අමදෝරු අමරජීව)
හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ චෛත්‍යක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදා හැරි සැකකරුවන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.
අනුරාධපුර පුරාවිද්‍යා කලාපයේ කිරලාගල කලාප බාර පුරාවිද්‍යා නිලධාරිවරයා විසින් හොරොව්පොතාන පොලිසියට අද (22) සවස කළ පැමිණිල්ලකට අනුව හොරොව්පොතාන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
2018 වසරේ ජනවාරි 5 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී කිරලාගල පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී ඉපැරණි චෛත්‍යක් මත නැගී ඡායාරූප ගෙන සමාජ ජාලා වෙබ් අඩවි වෙත මුදාහැර ඇති මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සොයා බැලූ නමුත් ඒ සම්බන්ධයෙන් කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පුරාවිද්‍යා නිලධාරීන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
තවදුරටත් ඒ පිළිබඳව සමාජ ජාලා වෙබ් අඩවි හරහා ප්‍රචාරය වීමත් සමඟ එම ස්ථානය හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමිය බවට හඳුනාගත් බවත් පුරාවිද්‍යා නිලධාරීන් පොලීසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව හොරොව්පොතාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් ත්‍රිකුණාමලය අම්පාර ප්‍රදේශයේ අය බවට හඳුනාගෙන තිබේ. ඔවුන් එම ප්‍රදේශයෙ ක්‍රියාත්මක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් බවටද පොලිසිය විසින් වැඩිදුරටත් හඳුනාගෙන ඇත.
ඒ අනුව ඉදිරි පරීක්ෂණ සිදුකරන අතර හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරී සේනක බී ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාගේ උපදෙස් අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසය පාසල් වල හරියට උගන්වන් නැති ප්‍රශ්නය.මේවයේ වටිනාකම් දන්නැති ප්‍රශ්නය.මේවා රජයෙන් කෙරෙන් නැති නම් විද්වතුන් මේවට ඉදිරි පත් විය යුතුයි.
ලෝකයෙන්ම උසස්ම සංස්කෘතියක සභ්‍යත්වයකට උරුමකම් කියන, පුරා විද්‍යා හා පරිසර හිතකාමී, ජනතාවක් වෙසෙන ලෝකෙන් උතුම් රටට, ලෝකයා ඉදිරියේ විශාල අගෞරවයක් කල ඒ තරුණයින් පිරිසට දඩුවම් දුන්නා නම් සුන්දර මිනිසුන් පමණක් ඉතිරි වෙන මේ දිවයින මින් ඉදිරියට සුරපුරයක් වෙනවා නේද? ඇත්තෙන්ම මේ ක්‍රියාව අපේ මේ දිව්‍ය ලෝකයේ ජීවත් වෙන ජාතියට කල මහා අපකීර්තියක්? මෙවැනි ක්‍රියා නොකොට, හොරකම්, තක්කඩිකම්, ස්ත්‍රී දුෂණයක්, මිනීමැරුමක් වැනි වීර ක්‍රියාවක් කරන්න තරම් වත්, මොළයක් නොමැති තරුණ පිරිස් කුමකටද මෙවැනි උතුම් රටකට? අහෝ! මෙවන් විපතක් නම් ලෝකයේ කිසිදු රටකට අත් නොවේවා!!
ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේකද?
එක්කෙනෙක් සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගාලා අනේ මම දන්නේ නැහැ කිව්වා. මෙගොල්ලොත් දන්නේ නැහැ කියාවි. රටේ සුළු ජාතින් වන මොව්න් ලංකාව බෞද්ධාමික රටක් බව නොදන්නේ කොහොමද කියන එකෙන් තේරෙන්නේ මේ මිනිස්සුන්ට පොඩි කාලේ ඉදන් උගන්වන්නේ අරාබි හෝ ඉන්දීය ඉතිහාසය මිසක් තමන් ජීවත් රටේ ඉතිහාසය නොවේ. සිංහල අපි කවදාවත් පල්ලියක්, කෝවිලක් කුරුටු ගාන්න යනවද? නැහැ. සහජීවනය සංහිදියාව සිංහල අපිට විතරද ඕන? රට වටේ අරාබි පාසල් වලින් උගන්වන්නෙත් මුල ධර්ම වාදී අදහස්ය. කව්රු හරි නැහැ කියනවනම් ඒක බොරුවක්!
ඉතින් අපි නොදන්නවාද මේ කව්ද කියලා.
ලෝකේ විනාශේ කෙමෙන් කෙමෙන් ලං වෙනවා කියල හැගෙන්නේ මට විතරද?
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියා සුද්දා කීවේ කට කසනවාට නොවේ.
සහජීවනයට මුව වෙලා මේ වගේ වැරදි කරන අයත් නිදහස් උනොත් අපේ රටට තව දුරටත් නීතිය කියා දෙයක් අවශ්‍ය නැත......
සුද්ද මොඩනම් අර ඔබ කියන Microbiology research කරන්නේ සිංහලයෝද? "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා" කියලා නැවත කියන්න වෙනවා. ලයික් ඩිස්ලයික් දාපු අයත් මේ ගොඩට වැටෙනවා
මෙතන අදහස් දක්වපු කවුරුත් කියන්නේ ඇත්ත තමයි. මේ වගේ සුළු දෙයක් අල්ලාගෙන මහා පරිමාණයෙන් සද්ද කරන අපේ පුරා විද්‍යා කට්ටිය ඔය වගේ පුරාන චයිත්ය ඩොසුර් කරලා පොළොවට සමතලා කරනකොට කොහෙද හිටියේ. ඒවාට කතා නෑ.
මම මේ ඡායාරූප ගැනීම අනුමත කරන්නේ නැහැ. නමුත් බද්රානි පැවසු පරිදි හොරකම්, මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ සහ එකට සම්බන්ධ අනිකුත් මහා පරිමාණ වැරදි කරුවන් යහතින් නිදැල්ලේ අපිත් සමග ගැවසෙනකොට මෙවන් දෙයක් ලොකුවට ඇදගෙන යාම අනුමැත කල නොහැකියි. ඒ වගෙමේ පුබුදු ගයාන්ගේ අදහසත් අනුමත කරමි. පොඩි වැරද්දට එවෙලේම පොඩි තරවටුවක් නොකලොත් ඔවුන් ඉදිරියේදී මහා පරිමාණ වැරදි වලට යොමුවීමේ සම්භාවිතාව වැඩියි. බලධාරීන් මේ ගැන හිතලා පොඩි දඩුවමක් දුන්නොත් හොදයි.
පස්ස පෑත්ත පෙන්නුවොත් විතරයි මාස ගානක් ඈතුලට දාන්නෙ.. අනික සිංහල බෞද්ධ වෙන්නම ඕනෙ. අනික් අයට ඒව අදාල නෑ. අනික් නීති හරියට වෙන්නෙ නෑ කියල හෑම නීතියම යට ගහන්න බෑ. ඒක ගෑන කතා කරන අයනම් හරීම මෝඩයි
ඔය වගේ ඳේවල් වලින් බුද්ධාගමට අපහාස වෙනවා කියලා නීතියෙන් දඬුවම් දෙනවානම් බුද්ධාගමේ මුලිකම රීතියක් උණු පන්සිල් පද 5 රකින්නැති බෞද්ධයාට මොනාද කරන්න ඕන.
මේකට ජාති වාදය ගාව ගන්න එපා. සමහරවිට චෛත්‍යයේ උඩ නැගලා ඉන්න කට්ටිය සිංහල බෞද්ධයෝ වෙන්නත් පුළුවන්.