IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහි තීරණය ගැන තවත් පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණයට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය  ව්‍යවස්ථානුකූල නොවන බව පවසමින් දේශපාලන පක්ෂ හයක් , මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයෙකු හා සිවිල් සංවිධන කිහිපයක් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 කට එරෙහිව අතරමැදි පෙත්සම්කරුවන් පස් දෙනෙකු විසින්   ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා ගොනු කරනු ලැබූහ.
 
මෙලෙස විරෝධතා ගොනු කරනු ලැබුවේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව අතරමැදි පෙත්සම් ගොනු කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නායක මහාචාර්ය ජී.ඇල්.පීරිස් , අමාත්‍ය උදය ගම්මන්පිල , ජගත් වැල්ලවත්ත , මහාචාර්ය චන්න ජයසුමන සහ නීතීඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත යන මහත්වරුන් විසිනි.
 
මෙම විරෝධතාවලින් අතරමැදි පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූලව සිදුකර ඇති බවය.
 
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය ,ජනතා විමුක්ති පෙරමුණ , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය ,සහ දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය යන දේශපාලන පක්ෂයන් ,මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයෙකු හා සිවිල් සංවිධන කිහිපයක් එක්ව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප‍්‍රභ කරන්නැයි සිය මූලික විරෝධතා වලින් අතරමැදි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
 



අදහස් (0)

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහි තීරණය ගැන තවත් පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site