IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


පාර්ලිමේන්තු වාර අවසාන කර ගැසට් පත්‍රයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ  මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් වාර අවසාන කරනු ලැබ ඇත.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ( 12) මධ්‍යම රාත්‍රියේ  නිකුත් කෙරිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතලවලට අනුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

මේ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ලබන ජනවාරි මස 18 වන දින පෙරවරු 10ට යළි ආරම්භ කළ යුතු බව අදාළ ගැසට්  නිවේදනයේ සඳහන් වේ. වාර අවසාන කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබාගැනීමකි.  එහෙත් කතානායක වරයා එම ධුරයේ දිගටම කටයුතු කරනු ඇත.

නව සැසිවාරයක් ආරම්භ කිරීමේ දී තේරීම් කාරක සභාව නැවත පත්කළ යුතු අතර උසස් නිළ තල පිළිබඳ කාරක සභාව වාර අවසාන කර ඇති අවස්ථාවක වුවද අඛණ්ඩව ක්‍රියාත්මකය. වාර අවසාන කිරීම අවසන් වී නැවත නව සැසිවාරය  ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන්  විවෘත කරනු ලැබිය යුතුය.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභාවල කටයුතු ඉබේම අක්‍රීය වනු ඇත.

නව සැසිවාරය ආරම්භ කිරීමත් සමඟ එම කාරක සභා නැවත පත්කළ යුතු වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.



අදහස් (7)

පාර්ලිමේන්තු වාර අවසාන කර ගැසට් පත්‍රයක්

Hafeel Monday, 13 December 2021 08:37 AM

මේක විතරයි මෙයා දන්නේ. මේ ගතවූ අවුරුදු දෙකම ගත වුනේ ගැසට් පත්‍ර නිකුත් කරනව, ආපහු අවලංගු කරනවා.

:       0       3

sharm warn Monday, 13 December 2021 09:08 AM

අනවශ්‍ය වියදමක් පිරිමහ ගන්නද? නැතිනම් මානසික පීඩනය අඩුකරගන්නද? කොහොම වුණත් අැරගෙන හිටියොත් රෙදි නැතිවම තමයි අවුරුද්ද ඉවර කරගන්න වෙන්නේ. ඒ නිසා වහන එක හොඳයි...

:       1       11

ravin Monday, 13 December 2021 09:47 AM

කිසිම වැඩකට නැති තැනක් නේද? බැරිද ඕක හැමදාටම කල්දාන්න? අඅති විශාල වියදමක්... රටට වැඩදායී කොටසක් කිරීමට ඉතුරු වෙනවා..

:       2       7

පිටිගල මිලානෝ Monday, 13 December 2021 01:01 PM

ගැසට් එකක් කියන්නේ මොනාවගේ එකක්ද කියලා තේරුමක් තියෙනවද ඔබට. මට මතක්වුනේ ඔබ හල්දුම්මුල්ලේ ගම සමග පිලිසදරේදී කියපු විහිලුව.

:       0       4

fairoos Monday, 13 December 2021 01:11 PM

"පැවරී ඇති බලතලවලට අනුව" ගැසට් ගැහිල්ල විතරයි පුළුවන්.. අයියෝ නන්දසේන...!!!

:       0       4

Athula Monday, 13 December 2021 02:04 PM

හෝ..හෝ.. හොර ගිවිසුම හෙළිවුණා. ඒක කාලයේ වැලිතලාවට යට කරන්නද? කොහොමද හංගලා ගහපු ගැහිල්ල? රටට ඩොලර් මිලියන 230 පෙන්නලා බිලියන 5 ක්‌ හොරකම් කරන්න ගහපු ගේම මොළ හතාණෝ...!!!... පවුලක් රටකට කරන විපතක් දෙයි හාමුදුරුවනේ...! කෝ මේ රටේ අනෙක් දේශප්‍රේමියෝ..? අනුර නොහිටින්න ඔය විනාශය කරනවාමයි, ඇවන්ට් ගාර්ඩ් එක වගේම තමයි.

:       1       2

අගුපිලගේ Monday, 13 December 2021 04:44 PM

තවත් මාස දෙකකට කලින් නිදහසේ 74 වැනි දිනය උදාවෙනවා. එම කාලයේ අපි ආසියාවේ දුප්පත්ම රට බවට පත්වුණා. 1970 ස්වාධීන රටක් වුණු (නැගෙනහිර පකිස්තානය) බංග්ලාදේශය වෙලා අපටත් ණයට දෙනවා. වසරකට වරක් කමිටු පත්කරනවා. පනත් ගේනවා වාරාවසාන කරලා ඔක්කොම කුණුගොඩට යවනවා... සම්ප්‍රදාය රැක්කම මදෑ. මෙහෙමත් වැඩ කරලා රට හදන්නේ කොහොමද? රට හදන්න නම් මෙහෙම සාම්ප්‍රදායික චාරිත්‍ර වහාම අවලංගු කළයුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඉඩම් කොමිසම ඉඩම් ගැන දන්නේ නෑ
2025 ජනවාරි මස 22 32 0

තමන් යටතේ පවතින ඉඩම් මොනවාදැයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නොදන්නා බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්ත


කර්මාන්ත - හෝටල් විදුලි බිල සියයට 31කින් අඩු වෙයි
2025 ජනවාරි මස 22 94 0

මිල සංශෝධනයේදී කර්මාන්ත සහ හෝටල්වල විදුලි බිල සියයට තිස් එකකින් පමණ අඩුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුව


’’රටින් පොල් ගේන්නේ නෑ’’
2025 ජනවාරි මස 22 157 0

රටින් පොල් ගෙන එන්නට රජය තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.


අනිල් භාරතී හඩ නිහඩ වෙයි
2025 ජනවාරි මස 22 434 0

මෙරට ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්‍රාප්ත විය.


සෞඛ්‍යයට - ජනමාධ්‍යයට සහය දෙන බව ජුලී චංග් කියයි
2025 ජනවාරි මස 22 289 1

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබා දීමට ඇමරිකානු තානාපතිනී ජූලි ජේ.චංග් මහත්මිය එකඟතාවය පළ කර තිබේ.


බහරේනයත් සංචාරක වීසා රැකියාවලට වැට බඳියි
2025 ජනවාරි මස 22 248 0

බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 457 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 623 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 343 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site