( තිළිණි ද සිල්වා )
රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ විභාගය වන කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිට පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ පැමිණිල්ලට අදාළව යොමු කර තිබෙන ලිඛිත ප‍්‍රශ්න 15 ක පිළිතුරු ලබා දීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා අද (6) එම කොමිසමෙන් තව දින තුනක් කාලයක් කල් ඉල්ලා ඇත.
එම පැමිණිලි විභාගයේ දී කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා පවත්වාගෙන යාමට පවරාගෙන ඇති බවට කොමිසම හමුවේ කරුණු අනාවරණය වීමත් සමඟ ඒ සම්බන්ධව පාර්ලිමේන්තු මහලේකම් වෙත ලිඛිත ප‍්‍රශ්න 15 ක් ඉදිරිපත් කර ඒ සඳහා පිළිතුරු අද කොමිසමට ඉදිරිපත් කරන ලෙසට මීට පෙර ඔහුට දැනුම් දී තිබිණි.
ඒ අනුව ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරාගෙන ඇත්ද යන ප‍්‍රශ්නය ඇතුළත් ප‍්‍රශ්න 15 ක් සඳහා තවත් දින 3ක් පමණ කල් ඉල්ලා කොමිසම වෙත ෆැක්ස් පණිවිඩයක් එවූ බවද එම කොමිසම කියා සිටී.
මේ අතර මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර් ආර්.එච්.එස්.සමරතුංග මහතා කොමිසමේ පොලිස් ඒකකයට කැඳවා තිබුණද ඔහු වෙනුවෙන් එම අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා එම පොලිස් ඒකකයට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ඉදිරිපත් කරන ලදී.
2025 ඔක්තෝබර් මස 08
1671
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1408
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
501
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාර්ලිමේන්තු මහ ලේකම් කොමිසමෙන් කල් ඉල්ලයි
Mahee Tuesday, 06 August 2019 08:56 PM
දවස් තුනක් නෙමෙයි, කොහොම හරි මාස තුනකට විතර කල් ඉල්ලගන්න. වැඩේ ගොඩ.