IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ්

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා මහතා ලබන ජනවාරි 01දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් ජනාතා රෝෂනී පෙරේරා මහත්මිය අද (20) නියෝග කළාය.

රිමාන්ඞ් භාරයට පත්කෙරුණු මන්ත‍්‍රීවරයා හෙට (21) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට අධිකරණයේ නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ සහභාගි කරවන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.

සැකකාර මන්ත‍්‍රීවරයා සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකුද ලබන පළමුවැනිදා තෙක් රිමාන්ඞ් භාරයේ තැබීමට මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.

සැකකාර මන්ත‍්‍රීවරයා පසුගිය 16 දින ගොඩකවෙල පොලිස් වසමේ වේරහැර ප‍්‍රදේශයේ අයුතු ජන රාශියක සාමාජිකයන්ව සිටිමින් තවත් පිරිසක් සමඟ පුද්ගලයෙකුට පහර දී ඇති බවට බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දක්වා තිබුණි.

මන්ත‍්‍රීවරයා ඇතුළු අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (20) පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ගොඩකවෙල පොලීසිය මගින් සැකකරුවන් අද අත්අඩංගුවට ගෙන තිබුණි. අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කළ පොලීසිය පැවසුවේ සිද්ධියේ දි තුවාල ලැබූ තැනැත්තා පොලිසියට කළ ප‍්‍රකාශයකින් සැකකාර මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසක් පහරදුන් බව ප‍්‍රකාශ කර ඇතැයි දැන්වීය.

සිද්ධිය සම්බන්‍ධයෙන් විමර්ශන අවසන් නැති බවත් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවත් සැකකරුවන් ඇප මත මුදාහැරිය හොත් ඉදිරි පරීක්‍ෂණ වලට සහ ප‍්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීමට ගැටලු ඇතිවේ යැයි ද පොලීසිය පැවසීය. ඒ නිසා සැකකරුවන් ඇප මත මුදා හැරීමට පොලිසිය විරුද්ධ බව ද පැවසීය.

 



අදහස් (8)

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ්

Hafeel Thursday, 20 December 2018 01:17 PM

අනේ සිරිසේන මේකට මොනවද කියන්නේ?

:       0       28

sirimal Thursday, 20 December 2018 01:23 PM

අනේ වෙච්ච වින්නැහියක්... දැන් ඉතින් කවුද අර දේශපාලන සාකච්ඡා වලට ගිහින් ආණ්ඩුවේ පතුරු අරින්නේ? ඔය අව්අස්සේ මන්ත්‍රීකමටත් කණ කොකා හැඬුවොත් තමයි වැඩේ.

:       0       32

maheshika Thursday, 20 December 2018 05:48 PM

තොරුන්ට මෝරුන්ට බය විනිසුරුවරියක් , අධිකරණය තවමත් ස්වාධින නැද්ද?

:       4       5

රවින් Thursday, 20 December 2018 11:48 PM

පාර්ලිමේන්තුව ඇතුළතත් ගුටිකෙලි? පිටතත් ගුටිකෙලි? පාර්ලිමේන්තුව යනු නීති හදන තැන මිස නීති කඩන තැන නොවිය යුතුය. මේ මැරකම් සම්පුර්ණයෙන්ම නතර කල යුතුවේ. මැරකම යනු නීතිය නොවේ. රටේ අවනීතිය රජ වීමට ඉඩ නොදිය යුතුය.

:       0       58

wasantha Friday, 21 December 2018 03:54 AM

සියලුම තක්කඩියන් හිර ගෙදට යැවිය යුතුයි....

:       0       54

Chandima Friday, 21 December 2018 07:52 AM

මෙන්න මෙතන තමයි රටේ සැබෑ ගැටලුව තියෙන්නේ. මැරයෝ, තක්කඩි, අති සූක්ෂම මූල්‍ය වංචනිකයෝ පාර්ලිමේන්තුවට තේරී පත්වන ක්‍රමවේදයක් තමයි දැනට තියෙන්නේ.. ඒ නිසා ජනාධිපති බලය නැතිකරලා පාර්ලිමේන්තුවට බලතල දුන්නා කියලා රටට හෝ ජනතාවට කිසිම සෙතක් වෙන්නේ නැහැ.

:       0       14

mohan Friday, 21 December 2018 07:53 AM

මම හිතුවේ මෙය ඔක්තෝම්බර් 26 වෙනිදා අඹ ගහේ එල්ලිලා මැරුණා කියලයි.

:       0       25

සෙනෙවි Friday, 21 December 2018 01:38 PM

මෙන්න සැබෑ පොහොට්ටු කරුවෙක්...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site