(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපගේ සුභ පැතුම් පිරිනමන බවත් අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනය මගින් සඳහන් කරයි.
ප්‍රජාතන්ත්‍රවාදය අගයන එක්සත් ජාතික පෙරමුණ මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කතානායකවරයා , පක්ෂ නායකයින් සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර තීරණය කිරීමට බලාපොරොත්තු වන බවත් සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
අයියා යන්න අදහසක් නෑ වගේ...........
ඇයි... මේපාරත් ඇවිල්ලා හොරු අල්ලන්නද?
අපට ආරංචි වෙන්නේ නම් ඊට කලින් අද ඔබතුමා කතානායක කරු ජයසූරිය මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා කියලයි. එහිදී මතුව ඇති නව දේශපාලන තත්වය සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් කතා බස් කළා කියලයි කියන්නේ... ජනමතයට ගරු කරමින් ඉල්ලා අස්වීමට ඔබතුමා අදහස් කරගෙන සිටින බවත් කියනවා. ඔබතුමා කරු ජයසූරිය මහතාගෙන් තාවකාලිකව හෝ පක්ෂ නායකත්වය බාර ගන්නා ලෙසත් "අන්තර්වාර නායකයෙකු ලෙස කටයුතු කරමින් පක්ෂයේ අනාගත නායකත්වය ගොඩනගා ඔවුන් අතට පක්ෂය බාරදෙන ලෙස" ඉල්ලා සිටි බවයි කියන්නේ... "අපක්ෂපාතී, පරිණත නායකයෙකු වන කරු ජයසූරිය මහතාට වඩා සුදුසු පුද්ගලයෙකු එජාපය තුළ නොමැති බව "අද ඔබතුමා කීවාලු. මෙහෙම කියන්න තිබුනේ ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන්න කලිනුයි මහත්තයෝ. එදා සුළු පිරිසක් එකතුව නැති ජනප්‍රියත්වයක් පෙන්වා බලහත්කාරකමෙන් ජනාධිපති අපේක්ෂකත්වය ඩැහැගත්තේ නැත්නම් කරූ ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කර වෙනත් ප්‍රතිඵලයක් ලබා ගන්නට තිබුණා නේද? දැන් ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයෙන් පොහොට්ටුව 2/3 ක ජයක් ලබාගෙන නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරගන්නා එක නවත්වන්න බැරිවෙයි.
ඔබ ඉල්ලුවා නම් මෙයිට වඩා ප්‍රතිශතයක් ගන්න තිබුණා. සජිත් වෙදිකාවේ කථා කරනකොටයි දැනුනේ එයා සිරිට හපන් කියලා. එ්කයි මිනිසුන් ඔහුව ප්‍රතික්ෂේප කළේ.. මමත්වය ගැන කථා කිරීමත් සියල්ල දත් ඔහුවීමත් වටේ හිටිය මඩ කරියන් නිසා ඔහු පැරදුණු බවත් දන්නේ ඔබම මිසක් වෙන කවුද?
පින් සිද්ධ වෙයි... යන්න ඉක්මණට..
"ප්‍රජාතන්ත්‍රවාදය අගයන එක්සත් ජාතික පෙරමුණ.." මෙන්න මේ වචන ටික දකිනකොට හිනා ගියේ මට විතරද?
යන්න ගෙදර... දැන් ඇති..
30 වතාවක්ද? 31 වතාවක්ද පැරදුණේ?
මහජාතියට එක නීතියකුයි, සුළු ජාතියකට තව නීතියකුයි තියාගෙන විනාශකළ කාලය නිමාවිය.
ඔබ ගත් වැරදි තීරණය මේ ප්‍රතිපලයට බලපෑවා.
2015 දී මහින්ද පැරදිලා ඔක්කොම එක්ක ගෙදර ගියා. තමන්ට අගමැතිකම දීලා. බලන් ගියාම මෙයා තවම එල්ලිලා ඉන්නවානේ.
මොකක් හරි කරලා තව ටිකක් ඉන්න බලන්නේ. ඊළඟ පාර ආයෙත් මෙයාම ඉල්ලයි.
මෙවර ජනාධිපතිවරණයට පසුව තමා 19වන සංශෝධනය මගින් ජනාධිපති බලතල අඩු කිරීමත්, අගමැති තනතුරේ බලතලත වැඩි කිරීමත් ක්‍රියාත්මක වීම ආරම්භ වන්නේ. ඒකයි ඉල්ලා අස් නොවී ඉන්න හදන්නේ
රනිල් ඔයාට කාලය හරි දැන් ගෙදර යන්න
විශ්‍රාම යන්න අදහසක් නැද්ද ?
තවත් පක්ෂයයි රටයි කන්නේ නැතුව ගෙදර යන්න
බහුතරයක් නැතිනම් ගෙදර යන්න, එසේ නැතිනම් ඡන්දයකින් පරාද වුන දිනයට ගෙදර යන්න ජනපතිවරණය කියන්නෙ පාර්ලිමේන්තු වරණය නොවේ. තව වසර කීපයකින් ලංකාවේ ආර්ථිකය ගැන කතා කරමු.
බුදු බනෙත් තියෙනවා කාලීනව ධර්මය ශ්‍රවනය සහ පිළිපැදීම ගැන. ඔය නායකතුමා මියයන තෙක් පක්ෂය කන්නේ නැතිව තරුණ නායකයෙකුට දීලා දැන්වත් අයින් වෙන්න. එතකොට තව අවුරුදු 05 කින් ඉදිරිය බලන්න පුළුවන්. 25 අවුරුද්දක් පක්ෂය ආපස්සට ගියා මදිද?
බලමු බැංකු හොර හිරේට යාවිද කියලා ?
අර මන්ත්‍රීවරුන්ට පැන්ෂන් දෙන්න අවුරුදු 5 ම ඉවර වෙකන් ඉපාර්ලිමේන්තුව තියන්න කියයි. අද හෙටම ආණ්ඩුව විසුරුවන්න