IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කාර්යාලය වහයි


(*** සුජිත් හේවාජුලිගේ)

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයකු මෙන්ම පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයාද වන නීතිඥ චමින්ද කුලරත්න මහතාටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එහි ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් ඊයේ (13) සම්පූර්ණයෙන්ම වසා දමනු ලැබීය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (13) සවස පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමද මේ තත්ත්වය හේතුවෙන් ලබන සඳුදා (18) තෙක් කල්දමා ඇතැයි එහි උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයාට කොරෝනා  වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එම කාර්යාලයේ සියලුම සේවකයන් නිරෝධායනයට යොමු කර ඇති බව පැවැසූ එම නිලධාරියා ඔවුන් පීසීආර් පරීක්ෂාවලටද ඊයේ (13) යොමු කරන ලදැයි ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය හේතුවෙන් බාහිර අමුත්තන්ට අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කාරණයකට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීම තහනම් කර ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

කොරෝනා ආසාදිත ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී.
මේ අතර පාර්ලිමේන්තුව ලබන 19 වැනිදාට කල් තබා තිබෙන හෙයින් එදිනට එය අනිවාර්යෙන්ම රැස්විය යුතු බවත් 19 වැනිදා පාර්ලිමේන්තුව රැස්ව එම සතියේ සෙසු රැස්වීම් වාර අවලංගු කිරීමටද පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇති බවත් පාර්ලිමේන්තු ආරංචිමාර්ගවලින් පැවැසේ.

පාර්ලිමේන්තුව ලබන 19, 20, 21, 22 දිනවල පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණි.

මේ අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයක් සෞඛ්‍ය අංශ සේවකයන් විසින් ඊයේ (13) සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරනු ලැබීය.

 



අදහස් (2)

පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කාර්යාලය වහයි

Rata Perata Thursday, 14 January 2021 12:53 PM

දැන් ඉතින් 20ට අත් උස්සලා, ඕක අරගෙන හිටියා කියලා මොන දෙයක් කරන්නද? වහලාම දාන්න. අපේ සල්ලි ටික හරි ඉතුරුයි.

:       2       2

Ananda Friday, 22 January 2021 08:13 AM

ඒකට මහජන සියලුදෙනා කැමති අනිත් අයට බෝවීමට ඉඩතිබෙන නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site