පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ අද (04) විභාගය අරඹා තිබේ.
අගවිනිසුරු නලීන් පෙරේරා, විනිසුරු බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙය විභාග කෙරේ.
පසු ගිය නොවැම්බර් 13 දා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබු බවට නිකුත් කළ ගැසට්ටුව අහෝසි කිරීම සඳහා උසාවි නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබිණි.
දෙසැම්බර් 4, 5 සහ 6 යන දිනවල පෙත්සම් විභාගයට නියමිතය.
(36698)









(ඡායාරූප චතුර එස් කොඩිකාර )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ දන්නේ නඩු කල්දාන්න, රට විනාශ වුනත්.... දැන් ඡන්දයක් තියලා රට ස්ථාවර කරන්න තියෙන්නේ....
වැදගත් නොවේ,තීන්දුව දී අවසන්. අපි ඔහුගේ තීරණයට අනුව කටයුතු කිරීමට සිතතොත් අගනා තීරණයක්.
ඒකමතික තීන්දුවක් ලැබේවා.