IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාර්ලිමේන්තුව විසුරුවාලීම නීතිවිරෝධී යැයි ගොනු කළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාග කිරීම හෙටට (05) කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය.

මෙම පෙත්සමේ  පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (04) ආරම්භ විය.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස බුවනෙක අළුවිහාරේ , ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කන ඊෂ්වරන්  සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සලසා දී ඇති බවයි.

පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර හතරහමාරක් ගෙවුණු පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය ඉන් එක් අවස්ථාවක් බවද ඔවූහු පෙන්වා දුන්හ.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක  එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙන බවද එම නිතිඥවරු පෙන්වා දුන්නේය.

එහෙත් මෙම නඩුවට පාදක වී තිබෙන විසුරුවාහැරීම මෙම ප්‍රතිපාදන දෙකටම අදාළ නොවන බව පෙන්වා දෙන එම නීතිඥවරුන් එම විසුරුවාහැරිම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ,ජනතා විමුක්ති පෙරමුණ ,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ,ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය ,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13 ක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර

 



අදහස් (2)

පාර්ලිමේන්තුව විසුරුවාලීම නීතිවිරෝධී යැයි ගොනු කළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

Saththaya Tuesday, 04 December 2018 01:01 PM

මම හිතන්නේ ලිබරල් වාදියෙක්ව අගමැති කරන්න. ව්‍යවස්ථාවේ ඉඩකඩ නැහැ කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ... එහෙම කෙනෙකුට හැමදාමත් සර් කියල කියන්න ඕනෑ කියල වේලාසනින් ව්‍යවස්ථාවේ තිබුණාද කියලත් අපි දන්නේ නැහැ... මේ කනට ඇහුණු දේවල්...

:       0       0

Chanak Los angeles Wednesday, 05 December 2018 04:30 AM

පික් පොකට් කාරයන්ට තවත් කනේ පාරක් වදින්නයි යන්නේ ...

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site