(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, ඒ අනුව මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන මාසයේ 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට ඉඩ ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
මහමැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනය මැයි 12 වැනිදා වීමට බොහෝදුරට ඉඩ ඇති බවද ආරංචි මාර්ගවලින් පැවැසේ.
පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරියහොත් ඡන්දය පැවැත්වීමට හැකි දින සහ නාමයෝජනා දින ආදිය විමසමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉකුත් දා ලිපියක් යවා තිබේ.
නියමිත දිනට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත්, නාමයෝජනා කැඳවීමේ දින වකවානු, ඡන්දය පැවැත්වෙන දිනය හා පාර්ලිමේන්තුව කැඳවන දිනය ආදිය අදාළ විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ඇතුළත් කළ යුතුව ඇති බැවින්, ජනාධිපති ලේකම්වරයා ඒ ගැන විමසමින් මෙම ලිපිය මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇතැයි වාර්තා වේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, ජනාධිපති ලේකම්වරයාගේ ලිපියට පිළිතුරු සහ දිවයිනට පැමිණි පසුව යවනු ඇති බවද ආරංචි මාර්ග කියයි.
මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලවකවානු සම්බන්ධයෙන් නීතිමය තත්වය ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් දා නීතිපතිවරයාගෙන් විමසා තිබූ අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ලබන මාසයේ 1 වැනිදායින් පසුව ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.
නීතිපතිවරණයේ මත විමසීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා ඒ පිළිබඳ ඉදිරි කටයුතු කරන ආකාරය මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසා ඇති බව දැනගන්නට තිබිණි.
COMMENTS
මේ සැරේ තමයි අවුරුදු කන්න පුලුවන් අමතක නොවෙන්නම. පෙට්‍රල් ද හාල්ද, එලවලුද, පරිප්පුද අරවද මේවද?
ජම්පර් අන්දන්නයි ලැහැස්ති උනේ අන්තිමට පැන්ෂන් එකත් නැතිවෙලයි නැවතුනේ.
අප ප්‍රර්ථනා කරනවා අලුතෙන් මහජනතාවට සේවය කිරීමට පැමිණෙන පුරවැසියන් තමන් උපන් රටට අවංකව සේවය කිරීමට පැමිණ දියවන්නඔය අසුචි වල දියවන්නඔය සිරි මැදුරට පරිවර්තනය කර මුළු අනෙකුත් රටවල් වලටත් ආදර්ශයක් ලෙස ලෝකයා ඉදිරියේ හැසිරෙයි යන්න. ඡන්දදායකයන් වන අපගේ යුතුකම සහ වගකීම අපගේ පුද්ගලික සුකවිහරණය අමතක කර " කුඩුකාරයන්, කසිප්පු, ගන්ජාකාරයන්, නම් ගම් ලියාගැනීමට මුලිකත්වය නොදෙන" , මහත්මා ගතුගුන අගයන මිනිසුන් පත්කිරීමය.
අවුරුද්දත් නැති කරන්න යන්නේ.
බාර් ලයිසන් කාරයන්, කසිප්පු කාරයන්, ගංජා කාරයන්, කුඩු කාරයන්, දාමරිකයන්, නුගතුන්, එහෙට මෙහෙට පනින ගෙම්බන් නැතුව උගත්කමක් ඇති තමාගේ හිතට එකගව රටට ජනතාවට ඔවුන්ගේ බදු මුදල් වලින් ගන්න සැප පහසුකම් වලට හරියන සේවයක් කරයි කියන බලපොරෝතුව ඇතුව සිටින, පළපුරුද්දක් ඇති දැන උගත් පුත්ගලයින් පක්ෂ බේදයක් නැතුව මේපාර වත් පාර්ලිමේන්තුවට පත්කර යැවීමට සියලු දෙනාම අදිටන් කරගත් යුතුයි.
අනේ, දිගටම විපක්ෂ නායකවය තියාගන්න පුළුවන් නේද ? පව්.
අවුරුද්දත් නැති කරන්න.
'බාර් ලයිසන්කාරයන්, කසිප්පුකාරයන්, ගංජාකාරයන්, කුඩුකාරයන්, දාමරිකයන්, නුගතුන්, එහෙට මෙහෙට පනින ගෙම්බන් හැර හොඳ අය කොහෙන් හොයන්නද ? අනික ඔය කියන හොඳ අය දේශපාලනයට එන එකක්යැ ........
උපාධිධාරීන්ට රැකියා දෙන එක බොරුවක් ද එතකොට
ඇත්තටම ඔය මහා මැතිවරණය " අප්‍රේල් 1 වෙනිදට " තිබ්බානම් කොතරම් සාධාරණයක් වෙනවාද රට වැසියාට ? මම කියන්නේ කුමක්ද කියලා ඔබලාට නොවැටහෙන්න ඇති. මේකයි හේතුව. අප්‍රේල් 1 වෙනිදා හෙවත් මෝඩයාගේ දවස සහ දේශපාලුවන් අතර තියෙන අවියෝජනීය සම්බන්ධතාවය නිසයි මම ඒ ගැන කිවේ. අපේ රටේ දේශපාලකයින් ඉස්සර ඉඳලා තියෙනවා. නමුත් දැන් ඉන්න දේශපාලුවන් ඡන්දෙට කලින් මහජනතාවට දෙන අසීමිත පොරොන්දු " මල්ල", ඔවුන් ජයග්‍රහණය කළ පසු ඉටු නොකිරීම නිසා රටේ මහාජනතාව නොහොත් රටේ " පරමාධිපත්‍ය " හිමි රටෙහි නියම පාලකයින් " මෝඩයින් " වන තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඡන්දෙ මෝඩයාගේ දවසේ පැවැත්වුවොත් බුද්ධිමත් මහජනයාට නිරායාසයෙන්ම අවබෝධ වෙනවා.." මේ අපිව මෝඩයින් කරන්න හදන වැඩක්..." කියලා. එවිට ඔවුන් ඡන්දය පවිච්චි කිරීමෙන් වැළකෙනවා. ඡන්ද හිඟාකන " අයට " ලැබෙන ඡන්ද අඩුවෙන්න පුළුවන්. නමුත් ඔය කියන අය නැවතත් දුප්පත්, නුගත් රට වැසියන්ව රවටනවා. අරක්කු වීදුරුවක්, රෙදි කෑල්ලක්, රුපියල් 500ක්, ටකරමක් වගේ දෙයක් දීලා ඡන්දෙ දවස " මෝඩයින්ගේ දවස " ලෙස නම් කළොත් නරකද ?
උපාධි පත්වීම්වලට මොකද වෙන්නේ
ඒත් ශ්‍රීලංකන් වංචාව, මිග් ගනුදෙනුව, ජනතා හැගි්ම් වෙනස් කරනවා. ඊටත් අමතරව රහස්පොලි්සිය දේශපාලනයට යටකරගෙන හොරකම වහන්න හදන බවක් තේරනවා අපේ ඡන්ද පාවෙන ඡන්ද ඕනම මොහොතක වෙනස් වෙන්න පුලුවන්