(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු පක්ෂ ලබන මස 11 දින වනවිට  එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වන බව එහි මහලේකම්  පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පාර්ලිමේන්තුව නියොජනය කරන හා නොකරන සියලු පක්ෂ හා දේශපාලන කණ්ඩායම් එකතු කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් කිරීම සඳහා සියලු පියවර ගන්නා බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරු පත් කරගැනීම සඳහා එම පක්ෂ මූලස්ථානයේදී පැවති සම්මුඛ පරීක්ෂණ  අවස්ථාවට සහභාගීවීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානය රටේ ශක්තිමත් දේශපාලන බලවේගය බවට පත් කිරීමට කටයුතු කරන බවද අමරවීර මහතා කීවේය. 

   ඉදිරියේ දී තවත් සුළු පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා කරන බව ද හෙතෙම කීවේය.