IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණයට තියන්න සැලසුම්

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාළ රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව වැනි පාර්ලිමේන්තුවේ  කාරක සභා රැස්වීම්  ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට සැළසුම් කරමින් තිබේ.

මේ අනුව ඒ සදහා ඇති හැකියාවන් සහ තාක්ෂණික අඩුලුහුඬුකම් හදුනා ගැනීමේ  පෙරහුරුවක් පාර්ලිමේන්තුවේ කාරක සභා ශාලාවකදී පැවැත්විණි.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරු ඇතුළු ඉහළ නිළධාරීහු පිරිසක් මෙම පෙරහුරුව සදහා එක්ව සිටියහ.

කාරක සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ සිවිල් ජනතාවට  පාර්ලිමේන්තුවට  පැමිණීමෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට කාරක සභා රැස්වීම්වලට සහභාගි වීමට මෙමගින් අවස්ථාව හිමිවේ.

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනයන්හිදී පවා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට කාරක සභා රැස්වීම්වලට සම්බන්ධ වීමට හැකිවන පරිදි තාක්ෂණික කටයුතු සකස් කිරීමට සැලසුම් කරමින් තිබේ.

මේ වන විටත් කමිටු රැස්වීම් ශාලා කිහිපයක  සජීවි පටිගත කිරීම් සදහා අවශ්‍ය කැමරා උපකරණ සවිකර ඇති බැවින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කමිටු රැස්වීමට ඇති හැකියාව සාර්ථකව අත්හදා බැලූ බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මතුවු සුළු අඩුලුහුඩුකම් නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

තවද පාර්ලිමේන්තුව සතුව මේවන විට කාරක සභා කාමර 8ක් පමණක් ඇති බැවින් පාර්ලිමේන්තු දිනයන්හිදී  ඇතිවන ඉඩකඩ ගැටලුව සදහා  ඇතිවන  තදබදය මෙන්ම කාලය සහ වියදම අවම කරගැනීමට ඇති හැකියාව හේතුවෙන් කොවිඩ් වසංගත කාලයට සීමා නොවී ඉදිරියටත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සුදුසු බව ද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

මේ අනුව නව  වැනි පාර්ලිමේන්තුව ආරම්භ වූ විට මේ සම්බන්ධව යෝජනා කිරීමට බලාපොරෝත්තු වන බවද මහලේකම් ධම්මික දසනායක මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණයට තියන්න සැලසුම්

දිමුත් Tuesday, 23 June 2020 09:50 AM

එතකොට මන්ත්‍රීතුමාලාට පැමිණිමේ දීමනාව දෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6099 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 307 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 337 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1270 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site