
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තුව පිවිසුම ආසන්නයේ දී සංවිධානය කළ විරෝධතාවයේදී රාජ්‍ය දේපළට හානි කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම්වරයා සහ නිදහස අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සාමාජිකාවක ඊයෙ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම්වරයා ලෙස කටයුතු කළ කොස්වත්තගේ චමීර නිරෝෂණ පෙරේරා සහ නිදහස් අධ්‍යාපනය උදෙසා ජන ව්‍යාපාරයේ සාමාජිකාවක් වන කෝෂිලා හංසිමාලි පෙරේරා යන අයවලුන්ය
අත්අඩංගුවට ගත් මෙම දෙදෙනා නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, පොදු දේපල දේපල පනත ,රජයේ නිලධාරීන්ට බරපතළ තුවාල සිදු කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලට ලැබෙන දානෙ වලඳල පාඩුවෙ ඉන්නෙ නැතුව හාමුදුරුවොත් වඩිනවනෙ මේවගෙ තැන්වලට පවු පුරවගන්න.
හොඳයි...!
මේ අය එලියට දාන්නම එපැයි .ඇතුලෙම තියාගන්නද .පුදුම කරදරයක් .
ආණ්ඩුවට එන විරෝධය ඉතින් මෙහෙම තමයි මඩින්න වෙන්නේ...
දේපළ හානි සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම හරි. දැන් තනියම උසාවි පලයල්ලා....
දැන් පිස්තෝල දීලා බැටන් අර ගෙනද? මෙතනට ප්‍රයෝජනවත් බැටන්. කොහොමද කොන්ඩෙ නැති ඔලුවට බැටන් එකෙන් වැදුනම?
සිවුර දාගන්න හැමකෙනාම හාමුදුරුවන් නොවේ... මේ ගොල්ලෝ ජෙප්පන්...