(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අනාගත පරපුරට ආදර්ශයක් නොවේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන්දෙණියේ දී අද (9) පැවසීය.
තමා පාර්ලිමේන්තුවේ නොහොබිනා අයුරින් හැසිරුණේ නැති වුවත් පාර්ලිමේන්තු සභිකයකු නිසා පාසලකට පැමිණ දරු දැරියන්ට උපදෙසක් දෙන්නට තරම් තත්ත්වයක නැතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වැනි සංවත්සරය සහ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
පාසල් උත්සවයට එන විට තමන් කතා තළ යුතු දැයි සිතමින් පැමිණි බව කී අග්‍රාමාත්‍යවරය තමන් ආදර්ශයක් වී අනෙක් අයට කතා කළ යුතු බවද පැවැසීය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීවේය.
“පාර්ලිමේන්තුව ගැන මට කියන්න ලැජ්ජයි. අපේම හැසිරීමෙන් අපේ ආදර්ශය නැතිකරගෙන තිබෙනවා. ක්‍රිකට් තරග අතරතුර පාසල් අතර ගැටුමකටත් අන්ත අයුරින් එදා සිදුවීම ඇතිවුණා.
අපට වුණේ කුමක්ද කියලා පාර්ලිමේන්තුවෙන් විමසීමට බලාපොරොත්තු වෙනවා.”
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව්... තම තමන්ගේ යාළුවන්ට බැංකු සුද්ද කරන්නත් දීලා ආදර්ශවත් වෙමු ලෝකෙටම...
මට අර සින්දුව මතක් වුණා. "අපේ පැත්තේ මහ කකුළුවො.. පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා"..හාහ්..හහ්..හහ්..
ඉන්න තරන් කුඩුකාරයෝයි, කස්සිප්පුකාරයෝයි, හොරුයි, ස්ත්‍රී දූෂකයෝයි, අනෙකුත් සමාජ දුශ්ශීලයෝ හා දුශිතයෝයි ඉන්න පාර්ලිමේන්තුවෙන් අනාගත පරපුරට ලබාගතහැකි ආදර්ශය කුමක්ද? ඔබතුමාත් එම තත්වයට වගකිය යුත්තේ පක්ෂ නායකයෙක් හැටියට එවැනි අයවලුන්හට නාමයෝජනා දීමෙනුයි...
මොහු මෙසේ ප්‍රකාශ කළත්, අද වෙනතුරු කිසිම පක්ෂ නායකයෙක් කලහකාරී ලෙස හැසිරුණු තම අනුගාමිකයින් හට අවම වශයෙන් විනය පරික්ෂණයක්වත් කරලා නැහැ. මෙයින් පෙනී යන්නේ ඔය පක්ෂ නායකයින් ඔය හැසීරීම් අනුමත කරන බවයි.
අම්මපා සහතික ඇත්ත. මේ හාදයම කිව්ව එක ගොඩක් හොඳයි. මහබැංකුවේ ඉතිරි සල්ලිටික මසුරන් වෙනුවට කටට ඔබලාම දාමු හොරකමේ ප්‍රතිමුර්තියක්නේ හතරට ගැනගන්න බැරිවිදියට රඟපෑවට...
මහබැංකුව ප්‍රසිද්ධියේ මංකොල්ලකාපු ඔබගේ නායකත්වයත් අනාගත පරපුරට ආදර්ශයක් නොවේ.
"තමා පාර්ලිමේන්තුවේ නොහොඹිනා අයුරින් හැසිරුණේ නැති වුවත් පාර්ලිමේන්තු සභිකයකු නිසා පාසලකට පැමිණ දරු දැරියන්ට උපදෙසක් දෙන්නට තරම් තත්ත්වයක නැතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය." ඔව් වස්ත්‍ර ගලවාගෙන හැසුරුනේ නැතිවුණාට නියම අන්දරේ කෙනෙක් වගේ හැසුරුණු විදිය නම් අනන්තයි... 225 ම නියම පාදඩයින්ය. තවත් ලැජ්ජා නැහැ... දුප්පත් මිනිසුන්ගේ බදු මුදලින් ජීවත්වෙන 225 ක් වූ පිං මාමලා ටික...
ජනසෙත සදන බව නම් අපි කියනවනේ.... ජන මුදලින් පිනටම අපි ගිලිනවනේ... ලැජ්ජා නහර උපදිනකොටම කැපුවානේ.. එමගින් අපිට පරපුරකුත් නැතුවානේ...
නොදකින් පාර්ලිමේන්තු විපක්ෂය පත් කරද්දී 6 සහ 54 දෙකෙන් හරි ගාන මොකක්ද කියල නොදන්න කතා නායකයෙක් ඉන්න නාඩගම... තව මොනවා කියන්නද?
ඔය අැමැතිගොල්ලන්ව මාසයට සැරයක් පහළ පන්ති පාසල් ළමයින්ගේ... උදෑසන රැස්වීමකට සහභාගි කරවන්න. පොඩි දරුවන් කොයි තරම් විනීතද? විදුහල්පතිට ගරු කරන පිළිවෙල. ගුරුවරුන් කියනදේ අහන හැටි. මේ සේරම පෙන්වන්න. පාර්ලිමේන්තුව රැස්වුණාම නිලමැස්සෝ ටික අනුන්ගේ කුණුවලට පොරකන එක විතරයි කරන්නේ....
මෙම අදහස් කිසිවකුට පරිභව කිරීමට නොවන බව කාරුණිකව සලකන්න. පළමු ඡායාරූපයේ සිට සතර වන ඡායාරූපය දක්වා හොඳින් නිරීක්ෂණය කිරීමේදී බලෙන් සිනාසීමට උත්සාහ ගන්නා පිරිසක් මෙන්ම අනිත්‍ය පිළිබිඹු වෙන මුහුණුද දැකීමෙන් අපහා ඇතිවුනේ මහත් සංවේගයකි...
ඔය දොඩවන අගමැති කියාගන්න කෙනත් එහෙමම තමයි. ඔයා අනාගත පරපුරට ආදර්ශයක් නැහැ වගේම රටටම වැඩකුත් නැහැ...
අපිට නම් එක ආදර්ශයක් ගන්න පුළුවන්. ඒ චණ්ඩිකම්, හොරකම්, බිය වැද්දීම්, මිනීමැරුම් එකී නොකී නොහොඹිනා වැඩ කරලා නීතියෙන් බේරෙන්න කොහොමද කියලා අපේ උගත්, බුද්ධිමත්, සත්ගුණවත් මගෝඩිස්තුමන්ලා දිහා බලලා...
එක පිරිසක් පරණ ආණ්ඩුවේ හොරුන්ට කැමතියි. ඒ අයගේ හොරකම් දකින්නේ රටේ සංවර්ධනේ හැටියට. අනිත් පිරිස අලුත් ආණ්ඩුවේ හොරකම් අනුමත කරනවා. දෙගොල්ලම හොර එකයි. කොහොම බැලුවත් පරණ ආණ්ඩුවෙන් පවුල් පිටින් කරපු උලා කෑම සහ අපරාධ ප්‍රමාණය වඩාත් ඉහලයි.
අර කුණු හරුපයෙන් බැන්න වාමාංශිකයාට මොකද කලේ? අපරාදේ ඔය දුප්පත් ළමයින්ගේ කාලය කනවාට වඩා පාර්ලිමේන්තුවට පහළ බාලාංශයේ නීති ගෙනැල්ලා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන කෑ කෝ ගහන වනචාරීන් ටිකට එන්නම දෙන්න නැතිව එළියේ බිම අව්වේ වාඩි කරලා තියලා පරිසරය පිරිසිදු කිරීමට යැව්වා නම් මිනිස්සු ගොඩක් සතුටු වෙයි.
ගොන්නු 225ක් ඉන්න අපේ වගේ පාර්ලිමේන්තුවකින් ආදර්ශයක් බලාපොරොත්තු වෙන්නටත් බෑ. ඔයාලා හැම අපට හා අපේ රටට මහාම මහබරක් පමණි...
කෙනෙකුට, විශේෂයෙන් ළමයෙකුට සහතිකයක් සම්මානයක් දෙන විට ලබන තැනැත්තාගේ මුහුණ බලනවානම් කොපමණ වටිනවාද? එය දන්නේ තාත්තලාය. එහෙම පුරුද්දක් මේ ගොයියාට නැත. තෑග්ග හෝ සහතිකය දෙන්නේ උඩබලා ගෙනය.