(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවෙන් පිටත සිට වුව ද සැලසුම් සහගත වැඩකොටසක් කිරීම සඳහා සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරී මණ්ඩලය ඇතුළු ජ්‍යෙෂ්ඨයන් හමුවේ පැවසීය.
පාර්ලිමේන්තුවෙන් පිටත සිට රටේ බලය ඇල්ලීමේ වැඩපිළිවෙළ මුලින් හඳුන්වා දුන්නේ ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා බව පැවසූ වික්‍රමසිංහ මහතා එදා එම සැලසුම ඉතා සාර්ථකත්වයට පත් වූ බව ද සඳහන් කළේය.
වර්තමානයේ මුළු පාර්ලිමේන්තුවම ජනතාවට එපා වී තිබෙන බව කී වික්‍රමසිංහ මහතා එම තත්ත්වය යටතේ ජනතාවට අවශ්‍ය විකල්පය බවට පත් වන්නේ කෙසේදැයි සිතා ඒ වෙනුවෙන් වැඩ කළ යුතු බවද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන සූම් තාක්ෂණ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
මොන විකාරද මේ කතාකරන්නේ? ඔයාලා බලය තියෙන කාලේ රට පාලනය කරපු හැටි හැමෝම දන්නවා...
ජනතාව කැමති විය යුතු විකල්පය කුමක්ද? ආධ්‍යාත්මික සහ භෞතික සංවර්ධනය යන දෙපසින්ම රටවැසියන්ව ප්‍රගමනය කරා ගෙන යන නායකයින් පිරිසක්... ආධ්‍යාත්මික සංවර්ධනය හේතුවෙන් භෞතික සංවර්ධනය ස්ථාවර වෙනවා. භෞතික සංවර්ධනය ප්‍රඥාවන්තව පරිභෝජනය කිරීම ආධ්‍යාත්මික සංවර්ධනයට පිටුවහලක් වෙනවා.
ඔබතුමා පාර්ලිමේන්තුවේ ඇතුලේ හිටපු කාලය තුළ පොල් ගෑවා නම් පොල් ටොන් ගාණක් ගන්න තිබ්බා. අපි නොදන්න ආටක නාටක තමයි...
මොනවා වුණත් අපේ මේ "ඇම්ඩන් අයියා" කාලෙට ඔබින විහිළුමයි සපයන්නේ. ඒ පිළිබඳව "ඇම්ඩන් අයියාට" අපගේ හදපිරි සතුට ප්‍රකාශ කරන්නෙමු. එසේම මිනිසුන්ව නිරතුරුවම සිනා සාගරයේ ගිල්වන අපේ මේ "ඇම්ඩන් අයියාට" කලගුණ සැලකීමක් ලෙස"ඇම්ඩන් අපිට... අපි ඇම්ඩන්ට" ලෙස "හූ" කියමින් කෑමොර දෙන්නෙමු...
ඔබේ උපදෙස් අනාගතයට අපට අවශ්‍ය නැත.
ඔව් ඔව් අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ ඉඳල දැන් රට සුඛිත මුදිත වෙලා
කැලෑ ආණ්ඩුවක් හදන්න කියලද කියන්නේ.
ඒකත් හොඳ වැඩේ
එහෙනම් ඇතුළට ආවේ ඇයි?
ඔයාලට ඇතුලෙත් බැහැ පිටත් බැහැ ඒක ජනතාව තේරුම් අරගෙන නේද?