(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවට හෙට (23) දිනයේත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසයි.
පාර්ලිමේන්තුවට පැමිණෙන පුද්ගලයන් වාහන හා රැගෙන එනු ලබන භාණ්ඩ හා ගමන් මලු හෙට දිනයේත් දැඩි පරීක්ෂාවකට ලක් කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ආරක්ෂක හේතුන් මත මැතිසබයේ කතානායක ගැලරිය හා මහජන ගැලරිය හෙට දිනයේද වසා තැබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ද යොදවනු ලැබ ඇතැයි පවසන පොලිසිය පාර්ලිමේන්තුවට හෙට දිනයේ පැමිණිය හැක්කේ මාධ්‍යවේදීන්ට පමණක් බවද සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මේ දිනවල දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බව පාර්ලිමේන්තු පොලිසිය පවසයි.
COMMENTS
පාර්ලිමේන්තුව රැස්වෙන බව දැනගත්තාම අපට දැන් දැනෙන්නෙ දරුණු ගණයෙ පාතාල කණ්ඩායම් දෙකක් මුහුණට මුහුණ ගැටෙන අවස්ථාවක් ලෙස මිස වැදගත් තීරණ ගන්නා තැනන් නොවන බවය. හැති ඉක්මනට ඡන්දයක් ලබා දෙන්න
පාර්ලිමේන්තුව අවට කඩවල මිරිස්කුඩු පැකට් විකිණීම තහනම් කරන ලෙස කඩ හිමියන්ට නියෝග කරන්න!
කවුද හිතුවේ මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව රැක ගන්නත් දවසක් උදා වෙයි කියල.
සුදු පිරුවට ඇඳගෙන ගිහින් හැසිරෙන තවත් අවාසනාවන්ත දවසක් ..
දැන් ඉතින් නීතිය ක්‍රියාත්මක කරන එක එච්චර ලේසි නැහැ , ඒ නිසා තමයි 2015 ජනවාරි 15 මේ පෙරලිය කලේ . අනේ සෝභිත හාමුදුරුවනේ ඔබ රැවටුනා නේද ?
රාජ්‍ය දේපොළ වලට හානි කිරීමේ වරද වැටෙන්නේ කුමන සිවිල් නීතිය යටතේද ? එවැනි දේපොළ හානිකිරීමක යෙදෙන පිරිස ප්‍රසිද්ධියේ දකිනවානම් කිසිවෙකු විසින් එම සිද්ධිය පොලිසියට පැමිණිලි නොකලත් පවතින නීතිය තුළ එම පිරිස් අත් අඩංගුවට ගැනීමට ඊට අදාළ අංශවලට නොහැකිද ?රටේ අපරාධ සිදුකරන දේසපාලකයන්ට එක නීතියකුත් සාමාන්‍ය මිනිසුන්ට වෙනත් නීතියකුත්ද නීති සංග්‍රහයේ ස්ථාපිතව ඇත්තේ ?