
ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තානයේ තොරතුරු සහ විකාශන අමාත්‍ය චෞද්රි ෆවාද් හුසේන් අද (7) පැවැසීය.
මේ ඝාතනය පාකිස්තානයේ සියලු දෙනා ම පාහේ හෙළා දැක ඇතැයි ද හෙතෙම කීය.
පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහාන් විජේවික්‍රම මහතා මුණ ගැසෙමින් අමාත්‍ය ෆවාද් හුසේන් එම කරුණු සඳහන් කළේ ය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් මහත් සේ කනගාටුවට පත්වන බව ද ඔහු කීවේ ය.
පාකිස්තානයේ තොරතුරු සහ විකාශන අමාත්‍යවරයා මෙම හමුවේදී ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය ද මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේ ය.
මෙම ඛේදජනක සිදුවීමට අදාළ ව පාකිස්තාන රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සෑහීමකට පත්වන බව මහ කොමාසරිස්වරයා මෙහිදි පැවැසීය.
එමෙන්ම මෙම සිදුවීම දෙරටේ සම්බන්ධතාවලට බලපෑම් එල්ල නොකරනු ඇතැයි ද මහ කොමසාරිස්වරයා කීවේ ය.
ඉස්ලාමාබාද්හිදීය (ඒ.පී.පී.)
055
COMMENTS
දැන් එතකොට අර පකස්තානු ආරක්ෂක ලේකම් කිව්වෙ මෙව්වා තරුණයෝ කොලු කාලේ කොලුකමට කරන වැඩ...ඒක හින්ද වැඩිය ගනන් ගන්න ඕනෙ නෑ කියල...
මේ සිදුවීම පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. මේ වගේ සිදුවීමක් ලංකාවේදී මුස්ලිම් ආගමිකයෙකු හට සිදුවූවා නම් අද ලෝකය පුරා සිදුවිය හැකි උද්ඝෝෂණ, විරෝධතා සහ කලකාරී හැසිරීම් කෙතරම් වියහැකිද කියා අපට සිතාගන්නට පුළුවන්. එය කොතරම් කණගාටුදායක තත්වයක්ද ?
ස්වාමියා සහ පියා නැතිවූ පවුලේ අයට විශාල වන්දියක් ගෙවිය යුතුයි.
පාකිස්තානයේ දෙන දඬුවම බෙල්ල කපා මරා දැමීමයි. එය ප්‍රසිද්ධියේ දෙන දඬුවමක් නිසා අපිටත් බලන්න ටෙලිකාස්ට් කරන්න.
රටේ වෙන හැම මගුලටම රජය වගකිව යුතු නැහැ. පකිස්තානයේත් ජෙප්පෝ හිටියොත් රජය වගකියන්න ඕනේ කියලා අම්මපා කට උල්කරලා කියාවි. අපි එහෙම හිතන්නේ නැහැ...
මේ ඝාතනය පාකිස්තානයේ සියලු දෙනා ම පාහේ හෙළා දැක ඇතැයි කීවද පාකිස්තානයේ ආරක්ෂක ඇමති කියන්නෙ මේක තරුණයන්ගේ සාධාරන ක්‍රියාවක් බවයි.
කොහොම උනත් ලොකුම බලපෑම සිදු උනේ ප්‍රියන්ත මහතාගේ ආදරණීය බිරිඳට ,දරුවන්ට ,පව්ලේ අනිත් සාමාජිකයින්ට .සාමාන්‍යයෙන් ලෙඩක් හැදිලා මිය ගියානම් දරා ගන්න පුළුවන්.මේ වගේ දස වැඩ දීලා ම්ලේච්චයෝ කරපු මහා පොලව නුහුලන අපරාධය කෙසේ දරා ගන්නද ?කෙසේ අමතක කරන්නද ?