(මහින්ද නිශ්ශංක)
අලෙවි කිරීම සඳහා නීත්‍යානුකූල නොවන අයුරින් ඉන්දියාවෙන් ආනයනය කර තිබූ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 36,400 ක් පිටකොටුවේ පිහිටි ගබඩාවක සහ වෙළඳ සැලක තිබී පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊයේ (30) සහ අද (31) අත්අඩංගුවට ගනු ලැබීය.
මේ සම්බන්ධව ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට විරුද්ධව පාරිභෝගික සේවා අධිකාරිය නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
547
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ තොගයක් පිටකොටුවෙන් හමුවෙයි
Raveendra Friday, 31 January 2020 01:28 PM
මිනිසුන්ගේ විපතකදී තම මඩිය තරකර ගන්න සැමවිටම මාන බලන මෙවැනි පාපතරයන්ව දුටුතැන දඬුවම් දිය යුතුය... එවන් ක්‍රියාවන් සමාජයට සෙතක් මිස පවක් නොවේ.
chandima Friday, 31 January 2020 01:38 PM
මේ අයට නඩු දාලා වැඩක් නැහැ. ඔය ආවරණ ඒ අයටම පළන්දලා අර කොරෝනා වෛරස් රෝගියා එක්කල කාමරේක තියන්න ඕනෑ... එක දවසක් උන්ගේ ලේ වතුර වෙන්නම...
RaveendraFriday, 31 January 2020 03:46 PM
සහතික ඇත්ත... මේවා ගෙන්වපු කාලකන්නින්ගේ නම්ගම්, ලිපිනයන්, ඡායාරූප ඇයි ප්‍රසිද්ධ කරන්න. එසේ ප්‍රසිද්ධ කරන්නේ නම් ලැජ්ජවටම මෙවැනි දේවල් කිරීමේ අඩුවක් ඇති නොවන්නේද?
wije Friday, 31 January 2020 04:43 PM
අපේ රටේ මිනිස්සු මොනතරම් පිරිහිලාද? මිනිස්සු කියලා කිව්වාට තිරිසනුන්ටත් වඩා අන්තයි.. තමන්ගේ අතට කීයක්හරි වැඩිපුර ලැබෙනවා නම් ඕනෑම පහත් වැඩක් කරනවා. ඇත්තටම කොරෝනා හැදෙන්න ඕනෑ මේ වගේ තිරිසන් මිනිස්සුන්ට මිසක් අර අහිංසකයින්ට නෙවෙයි. මේ අයට නඩුදාලා පොඩි දඩ මුදලක් නම් ගහලා වැඩක් නැහැ.
kamal Saturday, 01 February 2020 12:33 AM
මුඛ ආවරණ වලට අවශ්‍ය ප්‍රමිතිය මොකක්ද කියලා අපිට කියාදෙන්න.
rana Saturday, 01 February 2020 04:54 AM
මහත්වරුනි, ඔය ආවරණයේ ප්‍රමිතියට සහ ප්‍රමිතියක් නැති බව හඳුනාගන්නේ කෙසේද? දන්නේ නැති නිසයි අහන්නේ?
kamalSaturday, 01 February 2020 08:51 AM
ඒවා අසන්න ඔබට අයිතියක් නැහැ. රට කරවන මහත්තුරු ඒවා බලා ගනීවි..
ගුණයාSaturday, 01 February 2020 11:32 AM
උනුත් හොරුනේ... පගාවට ඔය ප්‍රමිති ඔක්කොම යටයි.