(ජයන්ත සමරකෝන්)
ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලුම නිලධාරීන් හෙට (23) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව එහි ලේකම් රෝහණ සිල්වා මහතා පැවැසීය.
ඒ අනුව සියලුම දෙපාර්තමේන්තු ,සංස්ථා ,මණ්ඩල සහ ආයතන වල සේවයේ නිරත උසස් නිලධාරීන් සේවයට රපොර්තු නෙකරන බව ද ඒ මහතා කීය.
වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම කිහිපයක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ලබාදෙන බවට දුන් පොරොන්දුව අද සවස් වනතුරුත් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඒ මහතා කීය.
මෙම වැඩවර්ජනයට 2400 ක් පමණ එක්වන බවද ඒ මහතා පැවැසීය.
COMMENTS
රට විනාශයි. මේවා පසුපස ඉන්නේ රාජපක්ෂලා ඇතුලු වහල්ලු .
බලයේ සිටි කිසිම රජයක් ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කරන්න කිසි විටෙකත් ක්‍රියා නොකිරීමේ විපාකය විඳින්නේ රටේ ජනතාවයි. එක එක වැටුප් කොමිෂන්වලින් තම තමන්ගේ කට්ටියට ගොඩ වැඩිකර දීමේ නිර්දේශ තමයි හැමදාම ඉදිරිපත් කලේ. මන්ත්‍රීලා තමන්ගේ ගොඩ වැඩිකරගන්නේත් ඒ විදිහටමයි. වික්ටර් තෙන්නකෝන් කොමිසමෙන් නීති නිලධාරින්ට අසාමාන්‍ය ලෙස වැටුප් වැඩිකරදී බරපතල විෂමතාවයක් ඇතිකළා. අදත් ඒකෙන් ගොඩඑන්න බැරිවී ඇතිබවයි මේ විධායක නිලධාරින්ගේ වර්ජනවලින් පේන්නේ...
ලංකාවෙ සමහර පැති වලට නායයෑම් තර්ජන. ගංවතුරත් ගලලා තියෙන වෙලාවක මේ අය කිසිම ලැජ්ජාවක් නැතුව වැඩ වර්ජනය කරන අපූරුව. මේ වැඩ වර්ජනය කරන අයට කොච්චර පහසුකම් ලැබෙනවද? පර්මිට්, දීමනා. ඒ මදිවෙලත් තවත් ඉල්ලනවා.
ඔන්න හෙට බලාගන්න රටේ වැඩකරන්න ඉන්න ටිකදෙනා පරිපාලනයට කීදාහක් ඉන්නවද කියලා...?
කාලකන්නි...