(යොහාන් භාසුර)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම සහ විජයරජදහන දුම්රිය ස්ථාන අතර මාර්ගයේ කොටසක් ගිලාබැසීමෙන් හානි සිදුවීම නිසා හෙට (15) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය නොවන බවත් කොළඹ කොටුව දක්වා දුම්රිය 10 ක් පමණක් ධාවනය වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
මාර්ගය අවහිර වී ඇති ස්ථානය දක්වා දුම්රිය තුනක් සහ මාර්ග අවහිර වී ඇති ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එම දුම්රියන්ට සම්බන්ධ වීමට දුම්රිය තුනක් ද ධාවනය වන බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වේයන්ගොඩ සිට දුම්රිය 4 ක්, ගම්පහ සිට දුම්රියක් සහ රාගම සිට දුම්රිය දෙකක් ධාවනය කරන බව ද සඳහන් කළේය.
● රඹුක්කන සිට කොළඹ කොටුව (පිටත්වීම 5.57)
● පොල්ගහවෙල සිට කොළඹ කොටුව (පිටත්වීම 5.25)
● කුරුණෑගල සිට කොළඹ කොටුව (පිටත්වීම 6.20)
● වේයන්ගොඩ සිට කොළඹ කොටුව (පිටත්වීම 5.05)
● වේයන්ගොඩ සිට කොළඹ කොටුව (පිටත්වීම 6.30)
● වේයන්ගොඩ සිට කොළඹ කොටුව (පිටත්වීම 7.00)
● වේයන්ගොඩ සිට කොළඹ කොටුව (පිටත්වීම 7.18)
● ගම්පහ සිට කොළඹ කොටුව (පිටත්වීම 7.35)
● රාගම සිට කොළඹ කොටුව (පිටත්වීම 7.25)
● රාගම සිට කොළඹ කොටුව (පිටත්වීම 7.57
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්‍රධාන මාර්ගයේ හෙට දුම්රිය 10 ක් පමණයි