(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ප්‍රධාන නගරවල ඇතැම් පාසල් අවට  වායුගෝලයේ තත්වය  පිළිබඳ තොරතුරු  අසා තමා විමතියට පත්වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.

කොළඹ නගරය ඇතුළු ප්‍රධාන නගරවල  වායු දූෂණය සෙවීම සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරන බවද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ  පරිසර අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථා විවාදයේදීය.