(ඩයනා උදයංගනී)

උතුරු,  උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

 සෙසු ප්‍රදෙශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්‍ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.