විනීතා එම් ගමගේ

ඓතිහාසික රිදී විහාරය හා රජගලතැන්න පුරා කුටි සංකිර්ණය පුරාවිද්‍යා ශික්ෂණ මධ්‍යස්ථාන බවට පත්කිරීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යෂක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.

ඒ සදහා පුරාවිද්‍යා උපදේශක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

මෙම විහාරස්ථාන දෙක ආශ්‍රිශතව පුරාවිද්‍යා පුහුණු මධ්‍යස්ථාන බවට පත් කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කරන බව කී මනතුංග මහතා ඒ සදහා ඓතිහාසික රිදී විහාරාධිපති හිමියන්ගේ අවසරය හිමිව ඇතැයි ද කීය.

පර්යේෂණවල නිරත වන්නන්ට, වැඩිදුර අධ්‍යයනය කරන්නන්ට මෙන්ම ශාස්ත්‍රීය කටයුතුවල නිරතවන්නන්ට මෙම ස්ථාන යොදා ගත හැකි බවත් එහි වෙනමම පුහුණු කේන්ද්‍ර පිහිටුවන බවත් ඔහු කියා සිටියේය.