
(ඩයනා උදයංගනී)
නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) රාත්‍රියේ දී විවෘත කෙරිණි.
පරිශ්‍ර භූමියේ විදුලි ආලෝකය විවෘත කළ අග්‍රාමාත්‍යවරයා අනතුරුව එහි සමරු ඵලකය නිරාවරණය කළේය.
අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අනතුරුව එහි විශේෂ අමුත්තන්ගේ පොතෙහි අත්සනක් ද තැබුවේය.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නනායක්කාර මහතා මෙහි දී එයිටි ක්ලබ් තොරතුරු පත්‍රිකාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.
එයිටි ක්ලබ් ගොඩනැගිල්ල, නාගරික සංවර්ධන අධිකාරිය යටතට 2020 නොවැම්බර් මාසයේ දී පවරාගැනීමෙන් අනතුරුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා නාවික හමුදාව එම ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කළේය.
මහනුවර ක්වීන්ස් හෝටලයේ අංක 80 කාමරයේ දී සාමාජිකයන් කිහිප දෙනෙකු පැවැත්වූ පළමු රැස්වීමෙන් පසු ආරම්භ කිරීම හේතුවෙන් මෙම සමාජය “එයිටි ක්ලබ්” ලෙස හැඳින්වේ.
පසුකලෙක එය කොළඹ 07, නිදහස් මාවතේ ස්ථාපිත කර ඇත.
1971 කැරැල්ල හේතුවෙන් එවකට රජය මෙම භූමිය ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා දුන් අතර 1978 රජය යටතේ ‘එයිටි ක්ලබ්’ සඳහා නැවත අවසර ලැබිණි.
නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා තුරුම එහි නඩත්තු කටයුතු සිදුකෙරුණේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු අතර ඒ අනුව එයිටි ක්ලබ් සඳහා වර්තමානයේ අලංකාරවත් නිමාවක් ලැබී ඇත.
මෙහි පහසුකම් තවත් වැඩි දියුණු කරමින් ආගන්තුක සත්කාරයෙන් අනූන ‘වෝටර්ස් එජ්’ තරු පංතියේ හෝටල් අත්දැකීමක් එයිටි ක්ලබ් ඔස්සේ ලබා දීම රජයේ සැළසුම වී තිබේ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.