(මුදිතා දයානන්ද)
පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපති නිකුත් කළ ගැසට්ටුව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව පරණ ගැසට්ටුව ක‍්‍රියාත්මක විය යුතු බවත් ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (14) කැඳවිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (13) පැවසීය.
ටිල්වින් මහතා මේ බව පැවසුයේ විහාර මහතා දේවි එළිමහත් රංග පීඨයේ දී පැවති 29 වන ඉල්මහ විරු සමරු උළලේදීය.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ඉතාමත් වැදගත් යහපත් තීන්දුවක් බවද කුමන්ත‍්‍රණවලින් බලය ඇල්ලීමට ගනු ලබන ක‍්‍රියාමාර්ග පැරදවීමට එයට ශක්තිමත්ව මුහුණ දෙන බලවේගවලට හැකියාව ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.
මෙම තීන්දුවෙන් කුමන්ත‍්‍රණ කෙළවර නොවන බැවින් ඉදිරියේ දී එන ඕනෑම කුමන්ත‍්‍රණයකට මුහුණ දීමට තම පක්ෂය සුදානම් සේම ඒ සඳහා පෙළ ගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුව විසිරුවීමට නිකුත් කළ ගැසට්ටුව අත්හිටුවන්නේ නම් එයට පෙර නිකුත් කළ ගැසට්ටුව එනම් 14 වැනි දාට පාර්ලිමේන්තුව කැඳවීමට නිකුත් කළ ගැසට්ටුව ක‍්‍රියාත්මක විය යුතු බවද ඒ අනුව අද පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවද ටිල්වින් මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලෝ කුමන්ත්‍රණවලින් බලය ගන්න හැදුවේ ඔබලා... 1971 සහ 1989 ඔබලාගේ කුමන්ත්‍රණ නිසා දසදහස් ගණනක් තරුණයින් මැරුණා. මේ අය කතා කරන්නේ හරියට නෙලුම්මලෙන් උපන් කුමාරයින් වගේ. මේ ගොල්ලෝ කුමන්ත්‍රණයෙන් රටේ බලය අල්ලන්නේ නැහැ ජනතාවගෙන් රට කරන්න බලය ඉල්ලනවා. ඔය කතා නුඹලා පසුපස එන ගොබ්බයින්ටම කියන්න...
ජෙප්පො ටික මලික් ඇතුළු යූ.එන්.පී කාරයෝ දෙන මාසික දීමනාවෙන් බඩ වියත රැකගෙන ඒ අයට කඩේ යනවා. රට ගැන හිතලා තීරණයක් ගන්න ඕන වුණාම කට වහගෙන ඉන්නවා. මහින්දවත්, රනිල්වත් අපිට වැඩක් නෑ. රටේ යහපත වෙනුවෙන් ඉන්නවා කියලා හිතපු මේ ටිකත් කන හැටි දැන් අපිට පේනවා. ඔක්කොම මේ අපේ සහ රටේ සාරය උරා බීපු ලේ පිපාසිතයින්.