IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

නව  ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද (31) මහනුවරදී පැවැත්විණි.

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ‘රැජින‘ හෝටලයේදී මෙම  උත්සවය පැවැත්විණි.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම සිදු කෙරිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන  රවුෆ්  හකීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රිෂාඩ් බදියුදීන්,රංජිත් මද්දුම බණ්ඩාර,සුජීවසේන සිංහ, කබීර් හෂීම්  යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්  විශේෂිත කරුණු  පහත දැක්වෙයි.

1- දරාගත හැකි මිලගණන් සහ ඉහළ ගුණාත්මක ජීවිතයක් :

නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යාරක්ෂාව, ප‍්‍රවාහනය සහ විදුලි සංදේශනය කාටත් දරාගත හැකි අන්දමින්, ඉහළ ගුණාත්මක පෞද්ගලික අංශයේ රැකියා ඔස්සේ ඉහළ වැටුප්.

2- සැමට සෙවණ :

2025 වසර වනවිට නිවාස හිමි සමාජයක්. ඉඩම් බලපත‍්‍රලාභීන්ට ඉඩම් හිමිකම.

3- සැමට විශ්වීය පෙර පාසල් අධ්‍යාපනයක් :

නිදහස් අධ්‍යාපනය පෙර පාසල දක්වා පුළුල් කෙරේ. 

4- විශ්වීය විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් :

පාසලින් පිටවන සෑම පුද්ගලයෙකුටම විශ්වවිද්‍යාල උපාධියකට, වෘත්තීය සුදුසුකමකට හෝ වෘත්තීය පුහුණුවකට අවස්ථා

5- විශ්වීය සෞඛ්‍යාරක්ෂාවක් :

නොමිලේ බෙහෙත්, නිදහස් වෛද්‍ය පරීක්ෂණ සහ සත්කාර සැඟවුණු ගාස්තු රහිතව. වයස අවුරුදු 35ට වැඩි සැමට නොමිලේ වෛද්‍ය පරීක්ෂාවක්. ගර්භණී මව්වරුන්ට තවත් සහන

6- වගකියන නායකත්වයක් :

දූෂණයෙන් හා බැඳියා පිළිබඳ ගැටුම් නැති ඇමැති මණ්ඩලයක්. ඥාති සංග‍්‍රහයට තිත. නෑදෑයින්ට රජයේ පත්වීම් නැහැ.

7- මත්ද්‍රව්‍ය සහ දූෂණ නොඉවසන ප‍්‍රතිපත්තියක් :

ඉක්මණින් නීතිමය කි‍්‍රයාමාර්ග. දණ්ඩනයට ලක්කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සමාවක් හෝ දඬුවම් අඩුකිරීමක් නැහැ.

8- ආගමික අන්තවාදය සහ ප‍්‍රචණ්ඩත්වය නොඉවසන ප‍්‍රතිපත්තියක් :

නිවසේදීත්, ආගමික ස්ථානයේදීත් සැමටම බියෙන් තොර ජීවිතයක්.

9- ශක්තිමත් සහ සුහුරු ජාතික ආරක්ෂක මූලෝපායක් :

ජාතික ආරක්ෂාව නීතියෙන් තහවුරු කර, නිසි පුද්ගලයන් නිසි වගකීම්වලට.

10- රාජ්‍ය අංශයට ගරුත්වය :

ජාත්‍යන්තර අත්දැකීම් ලැබීම සඳහා රජයේ සේවයට ශිෂ්‍යත්ව. රාජකාරි වගකීම තුළ ගත් කි‍්‍රයාමාර්ගවල ගැටලූවකදී නීති සහාය.

11- ජනතාවගේ රජයක් :

ලේඛන, අවසර පත‍්‍ර හා බලපත‍්‍ර අන්තර්ජාලයෙන්.

12- මූල්‍ය වෙළඳපොළ :

නවජාතික සංවර්ධන බැංකුවක්. වරාය නගරයට ආයෝජකයන් ආකර්ශනය කරගැනීම සඳහා තරගකාරී බදු ව්‍යුහයක්.

13- කාන්තාවන් දිරිගැන්වීම  :

කාන්තා ප‍්‍රඥප්තිය කි‍්‍රයාවට නැංවේ. පළාත් සභාවලට, පාර්ලිමේන්තු සහ ජාතික ලැයිස්තුවටත් කාන්තාවන් වෙනුවෙන් 25%ක කෝටාවක්. කාන්තාවන්ට සුරක්ෂිත පොදු ප‍්‍රවාහනයක්.

14- කුඩා ව්‍යවසාය බලසතු කිරීම :

මාසික වෙළඳාම රුපියල් මිලියන 4ට අඩු සියලූ ව්‍යාපාර වැට් බද්දෙන් නිදහස්.

15- ගොවීන් බලසතු කිරීම :

ගොවි සමුපකාර හරහා ගොවීන්ට නොමිලේ බිත්තර වී සහ පොහොර.

16- පරිසරය සහ බලශක්තිය :

අලි-මිනිස් ගැටුමට සහ කසල කළමනාකරණයට පාරිසරික වශයෙන් පිළිගත හැකි ප‍්‍රජා කේන්ද්‍රීය විසඳුම්. 2040 වසර වනවිට 100%ක්ම පුනර්ජනනීය බලශක්ති වෙත නැඹුරුවීමට සැලසුම්.

17- ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය දිරිගැන්වීම :

රු. බිලියන 10ක ජාතික අවදානම් ව්‍යවසාය ප‍්‍රාග්ධන අරමුදලක්. රු. බිලියන 10ක ජාතික නවෝත්පාදන අරමුදලක්.

18- වෙළඳපොළට සූදානම් තරුණ ජනගහනයක් :

තරුණයන්ගේ සන්නිවේදනය, භාෂාව, තාක්ෂණය සහ මෘදු කුසලතා වර්ධනය කිරීම සඳහා සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ‘විශිෂ්ටතා මධ්‍යස්ථාන’

19- සංක‍්‍රමණික ශ‍්‍රමිකයින් ඇගයීම :

තානාපති කාර්යාලවලින් සහන නිවාස ණය, වැඩිකළ තීරුබදු දීමනා සහ නීති ආධාර ලබාගැනීමේ පහසුව.

20- පොදු ප‍්‍රවාහනය :

බස් නවීකරණය, දුම්රිය විද්‍යුත්කරණය, සැහැල්ලූ දුම්රිය පද්ධතියක් සහ සුහුරු වාහන කළමනාකරණ පද්ධතියක් සමග බහුවිධ පොදු ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියක්.

 

 

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 

 



අදහස් (6)

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

Mahee Thursday, 31 October 2019 01:38 PM

අනේ ඉතින් අපේ සල්ලිවලින් නොවැ මේ කඩදාසි මිටිය තැපැල් කෙරෙන්නේ. යකාගෙ නීතියක්.

:       131       316

සත්‍යපාලFriday, 01 November 2019 03:15 AM

මහී නොදන්නාදේ කථානොකර ඉන්නවද? මෙයට පෙර කවදාවත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශ ඔබට හෝ ඔබගේ පවුලේ කාටහෝ ලැබී තිබේද? නැහැ නේද? එහෙමනම් මෙවරත් ඒවා තැපෑපෙන් ලැබෙන්නේ නැහැ. මේවා බෙදාහරින්නේ ඒ ඒ පක්ෂවල ක්‍රියාකාරීන් විසින් ගෙයින්ගෙට යාමේදී බව අමතකද?

:       0       0

mahida Thursday, 31 October 2019 03:17 PM

ඔය යක්කුන්ගේ සියලු දේ කරන්නෙත් අපේ සල්ලි වලින්නේ...

:       0       90

Tharindu Thursday, 31 October 2019 04:34 PM

තරුණයන්ගේ මෘදු කුසලතා කියන්නේ මොනවද ? තරුණයන්ගේ සන්නිවේදනය. අනේ මන්දා දැන් ඉන්න තරුණයෝ මේ මොකවත් නැති අයද?

:       0       0

hasantha Thursday, 31 October 2019 04:38 PM

වරාය නගරයට ආයෝජකයන් ආකර්ශනය කරගැනීම සඳහා තරගකාරී බදු ව්‍යුහයක්. මේක විතරයි රටේ ආදායම වැඩි කරගැනීමට තියෙන එකම යෝජනාව. දැනටමත් රටේ ණය ගෙවන්න තව ණය ගන්න වෙලා තිබෙන තත්වයක් උඩ මේ වගේ අය වැය සුරංගනා පොරොන්දු වලින් වෙන්නේ අන්තිමේට රට කෑලි කෑලි වලට විකුණන්න.

:       0       0

sharm warn Friday, 01 November 2019 03:13 AM

බල ශක්තිය පිළිබද විසදුම 2040 දී. හිතලා තියෙන තරම්. පව් දෙයියනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 290 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 779 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site