(අංජුල මහික වීරරත්න)
නව දේශපාලන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඉදිරි සති දෙක ඇතුලත පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (22) පැවැසීය.
එක්සත්ජාතික පෙරමුණ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දේශපාලන පක්‍ෂ,සංවිධාන ඒකරාශී කරගෙන මෙම නව දේශපාලන බලවේගය ගොඩනගන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
රට ගොඩගැනීම මෙම පුළුල් දේශපාලන පක්‍ෂයේ ප්‍රධාන අරමුණ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන්කළේය.
දෙමටගොඩ සියපත් සෙවණ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.