IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන පනතක් ඉදිරිපත් කර තිබෙනවා’

 

අනීෂා මානගේ

ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් විනාශ කරන පනතක් සම්මත කිරීමට ඉදිරිපත් කර ඇතැයිද එය ත්‍රස්තවාදීන්ට වාසි සහගත වන්නක් බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (20) තංගල්ලේ දී කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ නව දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රුපියල් මිලියන 56 ක වියදමෙන් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති අතර එය සියලු පහසුකම්ගෙන් සමන්විත වේ. ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක, දකුණු පළාත් මහ අමාත්‍ය ශාන් විජයලාල්ද සිල්වා යන මහත්වරු එක්වූහ.

රැස්ව සිටි පිරිස අමතමින් මහින්ද රාජපක්ෂ මහතා  එහිදී මෙසේද කීවේය.

‘අද මේ අය කියපු දේවල් ඒ විදියටම කරගෙන යනවා ජීනීවාවල. යුද්ධය අවසන් කළ නායකයෝ රටවල් වලට ආවොත් නඩු දාන්න කියලා කොමසාරිස්වරිය කියනවා. එතනින් නැවතෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අයින් කරල දාල ත්‍රස්තවාදය වැළැක්වීමේ ප්‍රතිත්‍රස්ත පනත කියල එකක් ගේන්න යනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත  ක්‍රියාත්මක වුණේ හදිසි නීතිය යටතේ. හදිසි නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්න තිබුණ දේවල් ගෙනල්ලා සාමාන්‍ය නීතියට ඇතුළු කරනවා. සාමාන්‍ය නීතියට ඇතුළු කළාම රැස්වීමක් අපි තිබ්බොත් පොලිසියට කවුරුහරි ගිහින් කියනවා මෙතන රැස්වීමක් තියනවා ගිහින් නවත්වන්න කියලා. ඇවිල්ලා රැස්වීම නවත්වනවා විතරක් නෙවි මේ අයව අත්අඩංගුවට ගන්නත් පුළුවන්.

අද ශිෂ්‍යයෝ පෙළපාළි යනවා. පෙළපාළි නවත්වන්න. රැස්වීම් නවත්වන්න.විරෝධතා ව්‍යාපාර නවත්වන්න. ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් විනාශ කරන පනතක් සම්මත කරගන්න අද ඉදිරිපත් කරල තිබෙනවා. මෙයට තුනෙන් දෙකේ ඡන්දය අවශ්‍ය නැහැ. වැඩි ඡන්දයෙන් කරන්නේ.  ත්‍රස්තවාදීන්ට නීතිපතිට කියන්න පුළුවන් අපි අවුරුදු දහයකින් මෙය විභාග කරනවා කියලා. ත්‍රස්තවාදීන් මර්දනය කරන්න නෙවි. එයාල වැඩි කරන වැඩක් මෙය. ත්‍රස්තවාදීන් කියන කණ්ඩායමට වාසියි.



අදහස් (0)

‘ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන පනතක් ඉදිරිපත් කර තිබෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 673 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site