(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු )
කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව කතානාය කරු ජයසූරිය මහතා පවසයි.
මේ අවස්ථාවේදී මාතෘභූමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන්නැයි සියළු ජනතාවගෙන් කතානායකවරයා ඉල්ලාසිටින බව ද කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ

COMMENTS
දිව්වේ ඇයි...? මැරෙනකම් සටන් කරන්නනේ තිබුනේ අද.. ඊයේ සටන දැකල මුත්‍රා ගියාලු නේද..?
රටම දන්නවා මෙයාගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන විදිය... තමන්ගේ ලොක්කා අතින් දෙන සිග්නල් වලට තීන්දු දෙන තුට්ටු දෙකේ කතානායක... මෙහෙම කතානායක කෙනෙක් ගැන අහලවත් නැහැ. කලින් හිටපු හැම කතානායක කෙනෙක්ම ඉතා හොඳින් තනතුරේ ගෞරවය රකිමින් කටයුතු කළා. පක්ෂ භේදයෙන් තොරව...
බලාගෙන මහත්තයෝ, ගිය සැරේ මුත්‍රා ගියා විතරයි, ඊළඟ සැරේ මොකක් වෙයිද දන්නෑ...
එහෙනම් ඡන්දයකට යන්න. මහජනයාට රජයක් තෝරන්න ඉඩ දෙන්න එකයි නියම ප්‍රජාතන්ත්‍රවාදය නැතුව ඔබලාට පක්ෂ මන්ත්‍රීලාගෙන් අගමැතිව තියාගන්න බලය ඉල්ලන්න එපා අපිට ඔය මන්ත්‍රීගොල්ලෝ එපාවෙලා ඉන්නේ.
ඔබ තුමාට ජය
අපගේ ප්‍රණාමය!
දී.මු ජයරත්න අගමැතිතුමා පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තියෙද්දී අගමැති කමෙන් එලවන කොට ඔය මහත්තයාගේ ප්‍රජතාන්ත්‍රවාදය තිබ්බේ කොහෙද?
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඉස්සෙල්ලා රට රැකලා ඉන්න...
ඔබට ස්තුතියි. මේක පක්ෂ අතර ගැටුමක් නෙමෙයි.. යහපාලනය පිළිබඳ ප්‍රශ්නයක්...
ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් රටම අනතුරේ බව තේරුම් ගමු.
ගරු කථානායකතුමණී ඔබට තුති
ප්‍රජාතන්ත්‍ර වාදය රැකෙන්න නම් පක්ෂ දේශපාලනයේ විනයක් හා පක්ෂයට නොව රටට ආදරයක් තිබිය යුතුයි. රටට අවශ්‍ය වන්නේ අභීතව තීරණ ගන්න පුළුවන් නායකයෙක් මිස එහෙට මෙහෙට වෙන නායකයින් විශාල පිරිසක් නොවේ. නායකයෝ එක්කෙනකුට වඩා වැඩි වුන තැන ඇතිවන්නේ කෝළාහලයි. ඒ ඔවුන් පක්ෂ දේශපාලනය හරහා බලයට ආදරය කිරීම නිසයි. විකල්පය ඇත්තේ ජනතාව අතරයි. ශීලාචාර උගත් ක්‍රමෝපා දන්නා අයව මැති සබයට යවා මේ ප්‍රශ්නය එක දවසකින් විසඳිය හැකියි.