
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම හා විජය රජදහන දුම්රිය ස්ථාන අතර ගිලා බැසීමට ලක්වු දුම්රිය මාර්ගයේ එක් මං තීරුවක ඉදිකළ තාවකාලික පාලමේ වැඩ අවසන් කිරීමෙන් පසු පැය 30කට අධික කාලයක් නතර වී තිබූ දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරිණි. ඒ අනුව කොළඹ සිට පොල්ගහවෙල බලා දුම්රියක් ධාවනය කළේය.
මෙම මාර්ගයේ කොළඹ දෙසට මන්තීරුවේ කොටසක් ගිලා බැස තිබීම හේතුවෙන් එහි අළුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමේ දී සම්පූර්ණ දුම්රිය මාර්ගයන්ම අවදානම්කාරී තත්වයක පැවතීම හේතුවෙන් ඉරිදා 14 දහවල් සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ සිට වේයන්ගොඩ දක්වා පමණක් සීමා කරනු ලැබීය.
පොල්ගහවෙල දෙසට ධාවනය කරන මංතීරුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරනු ලැබීය.
පවත්නා දැඩි අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ වැස්සෙන් සිදුවන පීඩාවන් ද නොතකා දුම්රිය නිලධාරීන් හා සේවක පිරිස් මෙම කටයුතුවල යෙදිනි .
මේ අනුව ප්‍රධාන මාර්ගයේ පල්ලෙවෙල සහ මීරිගම අතර පොල්ගහවෙල මන්තීරුවේ පමණක් දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර කොළඹ දෙසට මංතීරුවේ අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

2025 දෙසැම්බර් මස 04
295
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැය 30කට පසු මීරිගමට දුම්රියක් ධාවනය වෙයි
Lalith M Tuesday, 16 November 2021 06:54 AM
පැසසිය යුතු වේගවත් ක්‍රියාන්විතයක්. මේත් රජයේ සේවකයෝ. ජයවේවා.