නිමන්ති රණසිංහ සහ තරිඳු ජයවර්ධන
පැය නවය හමාරක් තිස්සේ ප්‍රකාශ ලබා දුන් ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මීට ටික වේලාවකට පෙර රහස් පොලිසියෙන් පිටව ගියේය.
ඔහු යළි හෙට උදේ රහස් පොලිසියට කැඳවූ බව එහි ආරංචි මාර්ග කියයි.
නාලක ද සිල්වා මහතා රහස් පොලිසියෙන් ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු තහවුරු කර ගැනීමට ද කටයුතු කරන බව එහි ආරංචි මාර්ග පවසයි.
අද උදේ 9.15ට රහස් පොලිසිය හමුවේ පෙනී සිටි නාලක ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පස්වරු 6.50 පමණ වන තෙක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. විමර්ශනයේ දී හෙළිකර ගත් තොරතුරු ගැන ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට තිබෙන බව රහස් පොලිසිය කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මෙම විමර්ශනය පවත්වයි.
පොලිසියේ ප්‍රධාන අවි ගබඩාවෙන් ත්‍රස්ත විමර්ශන අංශය වෙත එල්එම්ජී අවි දෙකක් නිකුත් කර ඇති බවත්, එම අවි දෙක දින දෙකක් පිටතට රැගෙන ගොස් යලි ගෙනැවිත් ඇති බවත් මෙම විමර්ශනයේ දී රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. එලෙස අවි රැගෙන ගියේ නාලක ද සිල්වා මහතාගේ උපදෙස් මත යැයි සාක්කිකරුවන් ප්‍රකාශ කර ඇති බැවින් ඝාතන කුමන්ත්‍රණය ගැන මෙන්ම මෙම සිද්ධිය ගැන ද නාලක සිල්වා මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ


2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැය නවය හමාරකට පසු නාලක සිල්වා පිටව යයි - හෙට යළි කැඳවයි
ගල්කටස් Thursday, 18 October 2018 01:02 PM
කොමඩි ලන්තයෙ තවත් කොටසක අවසානය මෙගා ටෙලිනාට්‍යක් වගෙයි දැන්නම්. සිරිලංකාව ට අනේ වුණු විපැත්තිය. පෞඪ ජාතියකට වෙන නස්පැත්තියක තරම මගේ මවු බිම කෙලසන සියලු දේශපාලනය කරන්නන්ට පලදේවි......
kumarage Thursday, 18 October 2018 03:17 PM
ගොඩක් දුරට මේ වගේ අය තමයි පොලිසිවල ලොකු පුටුවල ඉන්නේ............. මෙයා පොලිස්පති උනා නම් රටට කොහොම කලක් යයිද ...අසරණයෝ කී දෙනෙක් මැරුම් කයිද හිරේදි.........