
(රොහාන් කුමාර දිසානායක)
පියාගේ ඇසිඩ් පහරකින් තුවාල ලැබූ පුතා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කැගල්ල රෝහලේ පොලිසිය කියයි.
මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ වල් කොටුව වත්ත රඹුක්කන පදිංචි රජීව් අමරසිංහ 25 හැවිරිදි තරුණයෙකි.
නිවසේ සිටියදී බීමත්ව සිටි පියා මවට පහරදීමට යාමේදී එය වැළකීමට යාමේදි තමන්ට ඇසිඩ් වලින් පහරදී ඇති බවත් පිළිස්සුම් තුවාල තරුණයා මව සහ ප්‍රදේශවාසීන් විසින් කෑගල්ල මහ රෝහල වෙත ඇතුලත් කළ බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ තරුණයා කැගල්ල මහ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර සිද්ධියට සම්බන්ධයෙන් කෑගල්ල රෝහල් පොලිසිය මූලික පරික්ෂණ සිදු කළ අතර කැගල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd