IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


‘‘පැයකට ළමා අපචාරයක් වෙනවා නම් අපි සීලාචාරද‘‘?

(තුසිත ද සිල්වා)

එක් දිනකදී මේ රටේ ළමා අපචාර 25ක් පමණ සිදු වෙනවා. ඒ කියන්නේ පැයකදී ළමා අපචාර එකකට වඩා සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

‘‘සියල්ලට පෙර දරුවන්‘‘ යන තේමාවෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

එහිදි අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

මේ වසරේ ජනවාරි පළමුවන දින සිට ජුනි 30 දක්වා වූ මාස හයකදී ඒ කියන්නේ දින 180 ක කාලයේදී මෙරටේ ළමා අපචාර සම්බන්ධ පැමිණිලි 4743ක් වෙනකොට වින්දිතයන් 4900 කට වැඩියි.

මිත්‍රවරුනි මේ පුවත විශ්ලේෂණය කර බැලුම ප්‍රධාන කරුණු තුනක් මතුවෙනවා . ළමා අපචාර සම්බන්ධ දරුවන් වයස අනුව වෙන් කළොත් සියයට 21ක් වයස අවුරුදු පහට අඩු අය. වයසර අවුරුදු 5 - 10ත් අතර දරුවන් සියයට 17ක් ඉන්නවා. වයස අවුරුදු 11 - 15 අතර දරුවන් සියයට 38 ඉන්නවා. ඒ කියන්නේ සියයට 75ක්ම අවුරුදු 15ට අඩු දරුවන් මේ තත්ත්වයට පත් වෙනවා.

දින එකසිය අසූවක් එසේ නැතිනම් මාස හයක කාලේදි අපචාර 4743ක් වෙනකොට දිනකට ළමා අපචාර විසිපහකට වඩා සිද්ධ වෙනවා . ඒ කියන්නේ එක පැයකට ළමා ළමා අපචාරයකට වඩා සිදුවෙනවා නේද ?එහෙනම් අපි සීලාචාර කමේ සීමාවට ඇතුළු වෙන්නෙ කොහොමද?

අපි අධ්‍යාපන පද්ධතිය දරුවන් දැනුවත් කරන අතරේ නීති පද්ධතිය දරුවා ආරක්ෂා කරන්න ඕන.

මේ මේ පුංචි දරුවෝ අපචාර යට ලක් වෙලා තියෙන්නෙ කාගෙන්ද ඒවායේ විත්තිකරුවන් වන්නේ පියා, මව , පූජ්‍ය පක්ෂය, සීයා ,ගුරුවරයාගේන්, පක්ෂය කියන්නේ සිවුරු දාගත් අය විතරක් නෙවෙයි පූජකයෝත් ඉන්නවා.මේ අපචාරවලට පොලිසිය,පූජකයන් ඉන්නවා නම් මොකක්ද අපිට පේන චිත්‍රය .

පොලිසියේ 18ක් ඉන්නවා. එක ඕඅයිසී මහත්තයෙකුත් එක්ක .එතකොට මේ දැනුවත් කිරීමත් නීති පද්ධතියෙන් ආරක්ෂා කිරීමත් කරන්න ඕන.

 



අදහස් (3)

‘‘පැයකට ළමා අපචාරයක් වෙනවා නම් අපි සීලාචාරද‘‘?

pradeep Monday, 18 October 2021 01:32 PM

100 දෙනෙකුට අතවර කළ මන්ත්‍රී කෙනෙකුත් ඔයාලා එක්ක ඉන්නවා නේද? 

:       1       5

fairoos Monday, 18 October 2021 02:34 PM

විනය හොඳටම පිරිහිලා... ආගම් භේදය වැඩිවෙලා. ලංකාව කෙන්යාවක් කරලා තමයි මේ අය නවතින්නේ...

:       1       1

Ajith Monday, 18 October 2021 03:44 PM

දූෂිතයින්ට නීතිය ක්‍රියාත්මක නොකරන ශීලාචාර රටක් බලාපොරොත්තු වෙන එක විහිලුවක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1248 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1209 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 442 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site