IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෙම්වතුන් බිය කර මුදල් කොල්ල කෑ අයෙක් රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)


දඩල්ල මුහුදු වෙරලට පැමිණෙන පෙම්වතුන් බියට පත්කර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු 23 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර් ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.


මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැල්ලගේ මහේෂ් නමැති විසිඑක් හැවිරිදි තරුණයෙකි.


පෙම්වතුන්ගෙන් කොල්ලකන ලද ජංගම දුර කතන දෙකක් සහ රන් භාණඩ උගස් කරන ලද රිසිට් පත් රැසක්ද සැකකරු සන්තකයේ තිබි සොයාගෙන ඇත.
පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත්තේ සැකකරු මුහුණ ආවරණය කරගෙන වෙරලට පැමිණ එහි සිටින පෙම්වතුන්ට පිහියක් පෙන්වා බියට පත්කොට ඔවුන්ගේ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදි ඇති බවය.


මෙසේ පැමිණෙන පෙම්වතුන් රැසක් නිවෙස්වලට හොරෙන් පැමිණ ඇති නිසා ඔවන් බියට හා ලැජ්ජාවට පත්විම නිසා පොලිසියට පැමිණිලි කර නොමැති බවත් දොඩංදුව හා වඳුරඹ ප්‍රදේශවලින් පැමිණි පෙම්වතුන් කිහිප දෙනෙකු විසින් පොලිසියට කරනලද පැමිණිලි අනුව සැකකරු අත් අඩංගුවට ගැනිමට හැකිවු  බවත් පොලිසිය පවසයි.



අදහස් (0)

පෙම්වතුන් බිය කර මුදල් කොල්ල කෑ අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 156 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site