IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පැමිණිල්ල විභාග කරද්දී පොලිස් ලොක්කාට අත්වාරුවෙන් ගහලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර)

කොට්ටාව පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට අත්වාරුවකින් පහරදී පොලිසියේ දේපළ වලට අලාභ හානි කර පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි.

පහරකෑමෙන් තුවාල ලද ස්ථානාධිපතිවරයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත

එම පහර දීමෙන් ස්ථානාධිපතිවරයාගේ දකුණු අතේ වැලමිටට තුවාල සිදුවී ඇති අතර චෝදනා ගාරයේ සවිකර තිබෙන මුහුණ බලන කණ්ණාඩියට ,මෙන්ම රජයෙන් නිකුත් කරන ලද පුටුවකට අලාභහානි සිදුවී ඇතැයි පොලිසිය කියයි

ඉඳුල් සහිත කැලිකසල අඩංගු බාල්දියක් බාර නොගත්තේ යැයි උරණ වී මහරගම නගර සභාවේ කැලිකසල ප්‍රවාහනය ලොරියක සේවකයකුට  පහර දී බාල්දියේ තිබූ ඉඳුල් සහිත අපද්‍රව්‍ය කසළ  තැන තැන විසි කිරීම සම්බන්ධව ලද පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී මෙම පහරදීම සිදුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

පැමිණිල්ල සහ විත්ති පාර්ශවයේ පුද්ගලයන් සුළු පැමිණිලි අංශය වෙත කැඳවා පැමිණිල්ල විභාග කරමින් සිටියදී විත්ති පාර්ශවයේ පුද්ගලයකු ජංගම දුරකතනයකින් පැමිණිල්ල විභාග කරන අයුරු වීඩියෝ ගත කර තිබු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

එය දුටු සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා එලෙස නොකරන ලෙස අවවාද කිරීමත් සමග උරණ වූ අත්වාරුවෙන් සිටි පුද්ගලයා එකවරම ස්ථානාධිපතිවරයාගේ හිස ප්‍රදේශයට අත්වාරුවෙන් පහර දීමත් සමගම අත අල්ලා එය වැළැක්වූ අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා ගේ දකුණු අතේ වැලමිට ප්‍රදේශයට එම පහර වැදී තුවාල සිදුවී තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය

ඒ සමගම අනෙක් සැකකරුවන් දෙදෙනා ද එම ස්ථානයේ කලබලකාරී ලෙස හැසිරීම නිසා පොලිසියේ තිබූ දේපළවලට අලාභ හානි සිදුවී තිබූ බවත් සෙසු නිලධාරීන් අවම බලය පාවිච්චි කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි

 



අදහස් (0)

පැමිණිල්ල විභාග කරද්දී පොලිස් ලොක්කාට අත්වාරුවෙන් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site