(ජේ.කේ.එල් චාමින්ද)
පෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසවල පොකිරිස්සන් බීජ දමන අවධිය බැවින් එම මාසවල පොකිරිස්සන් ඇල්ලීම සඳහා බලපත්‍ර ලබානොදෙන බව ගාල්ල දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටු රැස්විමේ දි තීරණය කෙරිණි.
මෙම මාසවල පොකිරිස්සන් මහමුහුදේ බීජදමන බවට නාරා ආයතනය මගින් කළ පර්යේෂණයකදි අනාවරණය වී ඇති බැව් ධීවර අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මෙම රැස්වීමට එක්වෙමින් සදහන් කළේය. එක් පොකිරිස්සකු පැටව් ලක්ෂයක් පමණ දමන බව සදහන් කළ ඒ මහතා බීජ දමන අවදියේ දී පොකිරිස්සන් ඇල්ලීම සදහා බලපත්‍ර ලබානොදෙන බව පැවසීය.
කටු පොකිරිස්සන් වර්ග 07ක් හා ස්ලිපර් පොකිරිස්සන් වර්ග 04ක් ඇල්ලීම සදහා අවසර ලබාදී ඇති අතර පොකිරිස්සන් අපනයනය කරන බවද මෙම රැස්වීමේ දි අනාවරණය විය.
ගාල්ල හොල්ඩ්ගොල් ශාලාවේ දි පැවති මෙම රැස්වීම සදහා ඇමති රමේෂ් පතිරණ, ධීවර රාජ්‍ය ඇමති කංචන විජේසේකර, ගාල්ල දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටුවේ සභාපති සම්පත් අතුකොරළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ෂාන් විජේලාල් ද සිල්වා, ඉසුරු දොඩංගොඩ යන මහත්වරු ද එක්ව සිටියහ
2025 දෙසැම්බර් මස 04
465
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
463
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙබරවාරි-සැප්තැම්බර්-ඔක්තෝබර් පොකිරිස්සන් අල්ලන්න අවසර නැහැ