සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයකින් පෙළෙන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවත් පාප්තුමාට ‘කෝවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් ඉතාලියේ පුවත්පතක් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා අද (3) වාර්තා කළේය.
83 හැවිරිදි වියේ පසුවන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමානු කතෝලික ප්‍රජාවගේ නායකයා වේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට වසර කිහිපයකට පෙර පාප්තුමාගේ එක් පෙනහල්ලක් ඉවත් කරන ලදි.
පාප්තුමෝ පසුගිය සතියේ සිට අසනීප තත්ත්වයකින් පසුවන අතර සහභාගී වීමට නියමිතව තිබූ ආගමික වැඩසටහන් කිහිපයක්ම අවලංගු කළහ. සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වය හේතුවෙන් පසුගිය දින කිහිපයේ පාප්තුමෝ ප්‍රසිද්ධියේ පෙනී නොසිටි නමුත් අසනීප තත්ත්වයෙන් පසු පළමු වරට පසුගිය ඉරිදා ප්‍රසිද්ධියේ පෙනි සිටිමින් තමන් තරමක අසනීප තත්ත්වයෙන් පසුවන්නේ යැයි ප්‍රකාශ කළහ.
පාප්තුමාට කොරෝනා නැතැයි පළවූ පුවත් වාර්තාව සම්බන්ධයෙන් විමසුවද වතිකානයේ ප්‍රකාශක මැටියෝ බෘනී ඊට ප්‍රතිචාර දැක්වූයේ නැතැයි ද ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
පාප්තුමා වෛද්‍ය පරීක්ෂණයට ලක් කළේ කවදාද යන්න සම්බන්ධයෙන් අදාළ පුවත්පත වාර්තා කර නොතිබුණු බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
පාප්තුමා සම්බන්ධයෙන් මෙලෙස පුවත් වාර්තා වන්නේ කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලිය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකදීය.
කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි. ඊයේ වනවිට ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 52ක් වූ අතර එරටින් කොරෝනා ආසාදිතයන් 2,000කට වැඩි ගණනක් පිළිබඳ වාර්තා වී ඇත.
ඒ.එෆ්.පී./රොයිටර්ස්
055
COMMENTS
ඔබ වහන්සේ ලොවට පහල උණු උතුම් මිනිසෙක්. ඔබ වහන්සේටත් , සියලු ලොකවාසීන්ටත් විශ්වයේ නොපෙනෙන බලවේගයේ පිහිට ලැබේවා. නිරෝගී වේවා , සුවපත්වේවා.!
ශුද්ධ වූ රෝමෙටත් කොරෝනා අසාදනය වුණා කියන්නකෝ... එ්ත් ඉතින් තාමත් මිනිස්සු හිතන්නේ ලෝකය පාලනය කරන්නේ කවදාවත්, කවුරුත් නොදැකපු දෙවියෙක් කියලනේ...
ස්තුතියි විද්‍යා… ඔබටත්, ඔබේ යහපත් සිතුවිලි වලටත් දේවාශීර්වාද පතනවා..