
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.
'නිවැරදි දේශපාලනයක් ඇති කිසිම නායකයකු යුද්ධය තෝරා ගන්නේ නැහැ' යැයි පාප්තුමන් ටිවිටර් පණිවුඩයක් ඔස්සේ ඉංග්‍රීසි බසින් මෙන්ම රුසියන් බසින් ද පෝස්ටුවක් පළ කර ඇත්තේ රුසියන් ජනාධිපතිවරයාට විරෝධය දක්වමිනි.
ට්විටර් පණිවුඩය නිකුත් කිරීමට පෙර පාප්තුමන් වතිකානයට සම්බන්ධ රුසියන් තානාපති කාර්යාලයට ගොස් රුසියන් තානාපතිවරයා හමුවී අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව ද මාධ්‍ය වාර්තා පේනවා දෙයි.
(ඩේලිමේල්)
COMMENTS
පුටින් තීරන ගන්නේ පාප්තුමා නිසා වෙනස් කරන්න නොවෙයි...
බැරිද දන්නේ නෑ වතිකානුව පැත්තට චූටි මිසයිලයක් යවන්න?. සිරියාවට ගහනකොට යුරෝපා නායකයින්ට ආශීර්වාද කරලා...
විරෝධී නොවී කොහොමද? ඔබතුමා බටහිර ගැත්තෙක් හින්දා...
මොනවා වුණත් ඇමෙරිකාව කියන දේම නෙවැ මෙතුමා කියන්නෙත්. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්...!
ලෝක සාමය උදෙසා මැදිහත් වන පාප් වහන්සේට ස්තුතියි! ජේසු පිහිටයි!
පාප් වහන්සේට බැරිද එක ටෙලිෆෝන් කෝල් එකකින් පුටින්ව දණගස්සන්න?
ලෝකයේ ඇත්තෙ ප්‍රශ්න දෙකයි. ඉස්ලාම් ආක්‍රමණයද? ක්‍රිස්තියානි ආක්‍රමණයද?
ආගම් වලට ලෝකයේ තිබෙන තැන තේරෙනවා නේද? ආගමික නායකයින්ව සතේකට මායිම් කරන්නේ නෑ. ලංකාව ඊට එහා ගිහින්. සිවුර අල්ලාගෙන බලය ලඛාගෙන පයින් ගහලා පැත්තකට දානවා. කියන දේට හාං කියලා කටවහනවා. මේ ක්‍රමය ඊට හොඳයි...