(මහින්ද නිශ්ශංක)
පාන් රාත්තලක මිල අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 2.00 කින් වැඩි කිරිමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.
තිරිඟුපිටි මිල රුපියල් 5.50 කින් වැඩි කිරිම හේතුවෙන් පාන්මිල වැඩි කළ බවද ඒ මහතා කීය.
සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකළ බවද සභාපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් හෙට, අනිද්දා ඡන්ද මීටිමක එහෙම උඩපැනලා, ගුවන්විදුලියෙන්, රූපවාහිනියෙන් ගිරිය පුප්පගෙන කෑගහලා සත පහක්, දහයක් අඩු කරයි.
කඩේ තාම ඇරලා ඇති... මම ටක් ගාලා හන්දියට දුවලා එන්නම්..!!!
තිරිඟු පිටි වලින් නිපදවන පාන් ඇතුළු නිපැයුම්වලට පිරවුම් කාරක ලෙස යොදන ද්‍රව්‍ය තිබෙනවා. ඒවායින් කරන්නේ පාන් ගෙඩිය පුම්බා පාන් මෙන්ම රසයක් සහිතව පෙන්වීමත්, පාන්වල තෙතමනය රඳවා ගනිමින් වියළීයාම ප්‍රමාද කිරීමත්... ඒවා පාන්පිටි වල මිලට වඩා ඉතා මිල අඩුයි. ඇමෙරිකාව වැනි රටවල පාන් නිපදවීමේදී ඒවා වැඩියෙන් යොදන නමුත් බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ ඒ සඳහා දැඩි නීති සහ සිමා පවතිනවා. බහු ජාතික සමාගම් මගින් මේවා තුන්වැනි ලෝකයේ රටවල විකුණනු ලබන අතර බේකරි නිෂ්පාදන වලට යොදාගන්නවා. දැන් ඔබලාට තේරෙනවා ඇති පිටි මිල අඩුවූ විට පාන්වල මිල වැඩි කිරීමටත් අනිකුත් නිපැයුම් මිල ඉහළ නොයාමටත් හේතුව. මීට අමතරව තවත් වෙනත් හේතුත් ඇති...