(රංජිත් රාජපක්ෂ)
ප්‍රිමා සමාගම පාන් නිෂ්පාදන සදහා භාවිතා කරන ලබන (මිල්ක් බ්‍රැන්ඩ්) පිටි කිලෝ එකක මිල රු 3.50 කින් අද දින සිට වැඩි කර ඇති බව ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දි ඇත.
ප්‍රිමා සමාගම මිල්ක් බ්‍රැන්ඩ් කිලෝ 50 ක් සහිත පිටි මිටියක් රු හාරදහසකට අලෙවි කල අතර , නව මිල වැඩි කිරිමත් සමග පිටි කිලෝ 50 ක් රු 4175 දක්වා ඉහල යන බව ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් පවසති.
ප්‍රිමා තිරිගු පිටි සමාගම විසින් රොටි සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක් පසුගිය දා රු 4 කින්ද වැඩි කරනු ලැබුහ.
පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක මිල වැඩි කිරිමත් සමග බේකරි නිෂ්පාදන වලද මිල දැමිමට සිදු වන බවද බේකරි නිෂ්පාදකයින් කියා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකරන රටේ විරුවා...!!!
පාන් පිටි කන එකෙන් ජනතාව මුදාගන්න මේක ආශිර්වාදයක්. පාන් පිටි ආනයනය නතර කරන්නේ නැතුව අපි කාබනික වගාවට ගිහින් වැඩක් නෑ. හෝද හෝද මඩේ දාන වැඩක් වෙන්නේ. වහාම පාන් පිටි නවත්තන්න.
සෞභාග්‍යයේ දැක්ම. දැන් සැපද???
සර්ලා හොඳටම කරන්නේ එහෙම තමයි. දැන් සැපයි.. සනීපයි...
අවුලක් නෑ. අපි ලැබෙන්නට තියෙන සෞභාග්‍යය ගැන හිතහිතා කේක් කනවා.
තෙල් මිල ඉහළ ගිය නිසා එක පාරයි.. පිටි මිල ඉහළ ගිය නිසා තව පාරයි. දෙපාරක් බේකරි නිෂ්පාදනවල මිල වැඩි කරන්න පුලුවනි. හුරේ.. එන්න අපි ගයමු. වැඩි කරන අපේ විරුවා.... හුරේ..
සෞභාග්‍යයේ දැක්ම දෝරේ ගලනවා. ඔහොම යමු... තව ඉස්සරහට තවත් දේවල් බලාගන්න හැකිවේවා ...!!!