



(හේමලතා ඩී.හේවගේ)
පන්නල කැකිල්ලපිටිය ප්‍රදේශයේ ගෙවත්තක වගාව ආරක්ෂා කරගැනීම සඳහා එළා තිබුණු දැලක පැටළුණු හොඳින් වැඩුණු දුර්ලභ කබල්ලෑවෙකු අද (22) හමු වූ බව ගෙහිමිකරු පැවසීය.
මෙම කබැල්ලෑවා හමු වූයේ, චන්දන ක්‍රිෂාන්ත මහතාගේ ගෙවත්තෙනි.
ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් දැල්වලින් මුදාගත් මෙම කබල්ලෑවා කුරුණෑගල වනජීවී කාර්යාලයට භාරදීමට කටයුතු යොදන බවද ඔහු කීය.
COMMENTS
ගහකොළට සතා සිව්පාවට ආදරේ කරන සැබෑ මිනිසුන් තවමත් මේ රටේ ජීවත්වෙනවා. ස්තුතියි..!! ඔබසැමටම බොහොමත්ම ස්තුතියි...!!! ඔබ පරිසරය ආරක්ෂා කරගන්නවා වගේම පරිසරයත් ඔබව ආදරෙන් රැකගනීවි.
3 වෙනි පින්තූරය දිහා බලපුවාම පේනවා. මෙයා කොච්චර බය වෙලා ඉන්නවද කියලා." අනේ මේ ගොල්ලො මට මොනවා කරන්න යනවද?" ඒ ඇස්වලින් එහෙම හිතෙන බවකුයි මට පෙනී යන්නේ... සුදු කැබැල්ලෑවෝ නුඹ නම් හරිම වාසනාවන්තයෙක්.. තවමත් අප අතර ආදරය, කරුණාව හඳුනන සත් ගුණවත් මිනිසුන් සිටීම ගැන නම් සිතට දැනෙන්නෙ සතුටක්...
අපගේ විජිත් මහතා පැවසුවා වගේ මේ සතා ආරක්ෂා කරගත් ඔබ සැමට පින් සිදුවේවා !!! මස් වැද්දෙකුට මේ සතා හසු වුණා නම් මෙලහකටත් මේ සතා ඔවුන්ගේ බඩේ.. ඔබ වැනි පරිසරය රැකගන්නා අය නිසා මේ ලෝකය සුන්දර වෙනවා. ඔබ සැමට ස්තුතියි..
3 වෙනි පින්තූරය දිහා බලපුවාම පේනවා, මෙයා කොච්චර බය වෙලා ඉන්නවද කියලා." අනේ මේ ගොල්ලො මට මොනවා කරන්න යනවද? "ඒ ඇස්වලින් එහෙම හිතෙන බවකුයි මට පෙනී යන්නේ.. සුදු කබැල්ලාවෝ නුඹ නම් හරිම වාසනාවන්තයෙක්.. තවමත් අප අතර ආදරය, කරුණාව හඳුනන සත් ගුණවත් මිනිසුන් සිටීම ගැන නම් සිතට දැනෙන්නේ සතුටක්...
මේ සතා මෙහෙම වෙන පළාතකට ගිහින් දැම්මම මෙයා එක්ක ගැහැණු සතෙක් හරි පිරිමි සතෙක් හරි එහෙමත් නැත්නම් කබැල්ලැ පවුලක්ම හිටියා නම් ඒ ගොල්ල අනාථයි නේද? බෝවීම වුණත් නවතිනවා නේද? එයාගේ පවුල අනාථයි නේද? පැටව් ඉන්න ගැහැණු සතෙක් නම්, එහෙමත් නැත්නම් පැටවුන්ට ආහාර හොයාගෙන ආපු පිරිමි සතෙක් නම් පැටව් සහ ගැහැණු සතා තාම බලාගෙන ඇති නේද?
ඇයි දේශපාලකයින් තියෙන බලයට වඩා වැඩි බලයක් ඉල්ලන්නේ? රට හදන්නද? රටට වැඩ කරන්නද? කොහෙත්ම නැහැ. රටට වැඩ කරන්න ජනාධිපතිවරයාට තියෙන බලය හොඳටම ඇති. පාර්ලිමේන්තු බලය තියෙන්නෙත් ඔහු නියෝජනය කළ පක්ෂයට. එහෙනම් මොකක්ද ප්‍රශ්නේ? ජනතාව විරෝධය දක්වන පැහැදිලි කරුණු සම්බන්ධව ඔහුගේ සහ ඔහුට උපදෙස් දෙන කේවට්ටයන්, එන්.ජී.ඕ. කාරයන්ගේ මතය වෙනස් නම්, ඔහුට අවශ්‍ය වෙනවා ජනතා විරෝධයට සහ ජනතාව තමන් වෙනුවෙන් තීරණ ගන්න පත්කළ පාර්ලිමේන්තුවට උඩින් තියෙන බලයක්... ගෝඨාභය ඉල්ලන්නේ ඒ බලය...